Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක්

7 hours ago

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු රට තුළ කිසිදු ආහාර හිඟයක් හෝ ආහාර පිළිබඳ ප්‍රශ්නයක් මතු නොවූ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කරයි.

එළඹෙන 2027 වසරේදී නැවත වතාවක් වැටුප් වැඩිවීමක් සිදුකිරීමට නියමිත බවද කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කරයි.

ලංකා විදුලි සේවක සංගමයේ ජාතික සමුළුව අමතමින් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මේ බව සඳහන් කරයි.

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කළේ,

“පහුගිය ජනාධිපතිවරණයේ, පහුගිය මහ මැතිවරණයේ ලංකාවේ වෙන්නේ ඓතිහාසිත සිදුවීමක්. එක පන්තියකින් තවත් පන්තියකට බලය මාරු වුණා. අපිත් ලේසියෙන් මේක අත්හැරලා දමලා ගහලා යන්නේ නැහැ. මේක නිකන් බන්දේසිය දිලා ගන්න කියලා යන්නේ නෑ.

මොකද අපිටත් බන්දේසියේ තියලා නෙමෙයි හම්බුනේ. ඕගොල්ලෝ කොච්චර ගුටි කාලා තියෙනවද. රංජන් සහෝදරා කොච්චර ගුටි කාලා තියෙනවද. කොච්චර කඳුළු ගෑස් කාලා තියෙනවද. ඕගොල්ලන්ට එක වචනයක් ඇහිලා තියෙනවද මේ ආණ්ඩුව ආවට පස්සේ ආහාර පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ රටේ.

හිඟයක් තියෙනවා කියලා අවුරුද්දට කිරි බත් කන්න හම්බෙන්නේ නෑ කිව්වා. වෙනදට වඩා හැමොම කිරිබත් කෑවා. ඒ විතරක් නෙමෙයි හොඳට බිව්වා. අපේ අයගේ අතට කීයක් හරි ආවම නොම්බර 1 නේ ඒක. ඔයගොල්ලන්ගෙත් එළඹෙන අවුරුද්දේ වැටුප් වැඩි වෙනවා ආයිත්. 2027 දී.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *