වත්මන් රජය බලයට පත්වීමෙන් පසු රට තුළ කිසිදු ආහාර හිඟයක් හෝ ආහාර පිළිබඳ ප්‍රශ්නයක් මතු නොවූ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කරයි.
එළඹෙන 2027 වසරේදී නැවත වතාවක් වැටුප් වැඩිවීමක් සිදුකිරීමට නියමිත බවද කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කරයි.
ලංකා විදුලි සේවක සංගමයේ ජාතික සමුළුව අමතමින් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මේ බව සඳහන් කරයි.
අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කළේ,
“පහුගිය ජනාධිපතිවරණයේ, පහුගිය මහ මැතිවරණයේ ලංකාවේ වෙන්නේ ඓතිහාසිත සිදුවීමක්. එක පන්තියකින් තවත් පන්තියකට බලය මාරු වුණා. අපිත් ලේසියෙන් මේක අත්හැරලා දමලා ගහලා යන්නේ නැහැ. මේක නිකන් බන්දේසිය දිලා ගන්න කියලා යන්නේ නෑ.
මොකද අපිටත් බන්දේසියේ තියලා නෙමෙයි හම්බුනේ. ඕගොල්ලෝ කොච්චර ගුටි කාලා තියෙනවද. රංජන් සහෝදරා කොච්චර ගුටි කාලා තියෙනවද. කොච්චර කඳුළු ගෑස් කාලා තියෙනවද. ඕගොල්ලන්ට එක වචනයක් ඇහිලා තියෙනවද මේ ආණ්ඩුව ආවට පස්සේ ආහාර පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ රටේ.
හිඟයක් තියෙනවා කියලා අවුරුද්දට කිරි බත් කන්න හම්බෙන්නේ නෑ කිව්වා. වෙනදට වඩා හැමොම කිරිබත් කෑවා. ඒ විතරක් නෙමෙයි හොඳට බිව්වා. අපේ අයගේ අතට කීයක් හරි ආවම නොම්බර 1 නේ ඒක. ඔයගොල්ලන්ගෙත් එළඹෙන අවුරුද්දේ වැටුප් වැඩි වෙනවා ආයිත්. 2027 දී.”

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට