Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් වෑන් රථයක් හා බසයක් මුහුණට මුහුණ ගැටෙයි! සිසුන් 17ක් රෝහලට!

17 minutes ago

මහනුවර – යාපනය A-9 මාර්ගයේ කටුගස්තොට, කලුගල ප්‍රදේශයේදී අද (15) පස්වරු 2ට පමණ පාසල් වෑන් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබුණි.

අනතුරින් පාසල් සිසු සිසුවියන් 17 දෙනෙකු හා වෑන් රථයේ රියදුරු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලීසිය පැවසීය.

පෞද්ගලික බස් රථය මහනුවර දෙසටත් පාසැල් වෑන් රථය ප්‍රතිවිරුද්ධ දෙසටත් ගමන් කරමින් තිබී ඇති අතර, තුවාල ලැබූවන් කටුගස්තොට ප්‍රාදේශීය රෝහලට හා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *