Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු 06කට වැඩ වරදී?

13 minutes ago

හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු 06 දෙනෙකු සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීම යටතේ විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදුකෙරෙමින් පවතින විමර්ශනවලට බධාවන අන්දමින් හා අධිකරණයට අපහාසවන අන්දමින් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීමට අදාළව මෙම විමර්ශනය ආරම්භ කළ බව විමර්ශන නිලධාරින් වැඩිදුරටත් අධිකරණයට කියා සිටියේය. 

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ අසංක නවරත්න යන අය සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන්ද සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන තැනැත්තන්ට එරෙහිවද මෙම විමර්ශනය සිදුකරන බව විමර්ශන නිලධාරින් වැඩිදුර වාර්තාවක් ඔස්සේ අධිකරණයට කරුණු වාර්තා කළේය.

එහිදී මෙම පුද්ගලයන් 06 දෙනාට එළඹෙන ජුලි 01 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් එහිදී මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ අදාළ තැනැත්තන් මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියට කැඳවීම සම්බන්ධයෙන් නොතිසි නිකුත් කිරීම අවශ්‍ය නොවන බවය.

ඔවුන්ට එරෙහිව 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරියකට හෝ ආයතනකට අපහාස කිරීමේ පනත චෝදනා නගා ඇති බැවින් කරුණු විමසීමකින් පසු අභියාචනාධිකරණයේ හමුවේ පැමිණිල්ලක් ගොනුකිරීම මිස මහෙස්ත්‍රාත් අධිකරණයට එම තැනැත්තන් ගෙන්වීම අවශ්‍ය නොවන බවත් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *