2025 අපොස සාමාන්‍ය පෙළ විහාගයෙන් උසස් පෙළට සිසුන් 225,748 සුසුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි සඳහන් කළේය.
සා.පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳ දැනුම්වත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාවට අද (20) එක්වෙමින් ඇය මේ බව පැවසීය.
මෙහිදී සියලුම විෂයන් සඳහා ‘A’ සාමාර්ථ ලබාගත් විභාග අපේක්ෂකයන් සංඛ්‍යාව 11,790ක් බවද ඇය සඳහන් කළේය.
එමෙන්ම විද්‍යාව සහ ගණිතය විෂයන් සමත් ප්‍රමාණය පසුගිය වසරට සාපේෂ්ව ඉහළගොස් ඇති බව ඇය මෙහිදී පැවසීය.
ඉන් විද්‍යාව විෂයට පෙනී සිටි සිසුන්න්ගෙන් 70.1%ක් මෙවර සමත්ව ඇති බවත්, පසුගිය වසරේ එය 69.07%ක්ව පැවති බවත් සඳහන් කළේය.
එමෙන්ම ගණිතය විෂය 72.03%කින් මෙවර සමත් වී ඇති අතර, පසුගිය වසරේ එයද 71.06%ක තිබූ බව පැවසීය.
කෙසේ නමුත් විභාග අපේක්ෂකයන් 7419ක් මෙවර සියලුම විෂයන් අසමත්ව ඇති බවද අනාවරණය කළේය.
මේ අතර 2026 වසරද අදළ සාමාන්‍ය පෙළ විභාගය මෙම වසරේම දෙසැම්බර් මස 8 වනදා සිට 17 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.
අද (20) පෙරවරුවේ කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකදී ඇය වැඩිදුරටත් සඳහන් කළේ ඊට අදාළ අයදුම්පත් කැඳවීම ජුලි මස පළමු සතියේ සිදුකිරීමට නියමිත බවය.

අමාත්‍යංශ ලේකම්වරුන්ව ජනපති කාර්යාලයට කැඳවයි
හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග දිවයිනට පැමිණෙයි
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ යෑමේ වාසිය ජනතාවට ලබාදෙමින් පාකිස්තානය ඉන්ධන මිල පහළ දමයි
රවීගේ, ශානිගේ පත්වීම ගැන ඇමති බිමල් දැන් කියන කතාව
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වසා දමයි
ශ්‍රී ලංකාවට FOTON මෙට්‍රෝ බස් 104ක්
12 ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණ විභාගය ඔක්තෝම්බරයේ
ගුරු සේවයේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය සැප්තැම්බර්
2026 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින නිවේදනය කරයි
බැසිල් රාජපක්ෂට එරෙහි වරෙන්තුව යළි කැඳවීම ප්‍රතික්ෂේප කෙරේ
2025 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක්
ඔලිම්පික් රන් පදක්කම් ලාභියා පරදවමින් රුමේෂ් තරංග ලැබූ ජය