Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සාමාන්‍ය පෙළ විභාගයේදී සිසුන් 11,790කගෙන් විශිෂ්ඨ දස්කම්

11 hours ago

2025 අපොස සාමාන්‍ය පෙළ විහාගයෙන් උසස් පෙළට සිසුන් 225,748 සුසුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි සඳහන් කළේය.

සා.පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳ දැනුම්වත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද (20) එක්වෙමින් ඇය මේ බව පැවසීය.

මෙහිදී සියලුම විෂයන් සඳහා ‘A’ සාමාර්ථ ලබාගත් විභාග අපේක්ෂකයන් සංඛ්‍යාව 11,790ක් බවද ඇය සඳහන් කළේය.

එමෙන්ම විද්‍යාව සහ ගණිතය විෂයන් සමත් ප්‍රමාණය පසුගිය වසරට සාපේෂ්ව ඉහළගොස් ඇති බව ඇය මෙහිදී පැවසීය.

ඉන් විද්‍යාව විෂයට පෙනී සිටි සිසුන්න්ගෙන් 70.1%ක් මෙවර සමත්ව ඇති බවත්, පසුගිය වසරේ එය 69.07%ක්ව පැවති  බවත් සඳහන් කළේය.

එමෙන්ම ගණිතය විෂය 72.03%කින් මෙවර සමත් වී ඇති අතර, පසුගිය වසරේ එයද 71.06%ක තිබූ බව පැවසීය.

කෙසේ නමුත් විභාග අපේක්ෂකයන් 7419ක් මෙවර සියලුම විෂයන් අසමත්ව ඇති බවද අනාවරණය කළේය.

මේ අතර 2026 වසරද අදළ සාමාන්‍ය පෙළ විභාගය මෙම වසරේම දෙසැම්බර් මස 8 වනදා සිට 17 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.

අද (20) පෙරවරුවේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය වැඩිදුරටත් සඳහන් කළේ ඊට අදාළ අයදුම්පත් කැඳවීම ජුලි මස පළමු සතියේ සිදුකිරීමට නියමිත බවය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *