Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රවීගේ, ශානිගේ පත්වීම ගැන ඇමති බිමල් දැන් කියන කතාව

14 minutes ago

රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර නැවත තනතුරුවලට පත් කරන ලෙස කාදිනල්තුමා තමාගෙන් ඉල්ලා නොසිටි බව අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කරයි.

පාස්කු ප්‍රහාර විමර්ශන සිදුකළ නිලධාරීන් එම ප්‍රහාරය එල්ල කළ බව විශ්වාස කරන රාජපක්ෂ පාලනය විසින් පසු කලක ඉන් ඉවත් කළ බවත් ඔවුන්ද පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

පාස්කු ප්‍රහාර වින්දිතයන් සහ ඔවුන්ගේ සංවිධානද පොදුවේ රටක් වශයෙන් එම නිලධාරීන් නැවත පත්කරන ලෙස ඉල්ලා සිටි බවද බිමල් රත්නායක අවධාරණය කරයි.

පාස්කු ප්‍රහාර විමර්ශන සඳහා රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර නැවත පත්කළේ කාදිනල්තුමා ඇතුළු කතෝලික සභාවේ ඉල්ලීමක් අනුව බවට ඇමතිවරයා පසුගිය වසරේ ජුලි 09 වෙනිදා සිදුකළ ප්‍රකාශය සිරිල් ගාමිණී පියතුමා ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ මාධ්‍ය කළ විමසුමට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව කීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *