ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය, සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ඒ සම්බන්ධ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කර ඇති අතර ගුරුවරුන්ගේ උසස්වීම් සඳහා අවශ්‍ය කාර්යක්ෂමතා කඩඉම් විභාග තුනක පළමු අදියර ලෙස මෙම විභාගය පැවැත්වෙනවා.
ගුරු සේවයේ උසස්වීම් සඳහා ගුරුවරුන් විසින් කාර්යක්ෂමතා කඩඉම් විභාග තුනකට මුහුණ දිය යුතු අතර ඒ සඳහා මොඩියුල 10ක් අධ්‍යයනය කළ යුතුයි.
තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2 පන්තිය I ශ්‍රේණියේ ගුරුවරුන් සඳහා පැවැත්වෙන අතර එහිදී ද මොඩියුල 3ක් අධ්‍යයනය කිරීම අනිවාර්ය වනවා.
දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා අදාළ ගැසට් නිවේදන ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි.
පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අයදුම්පත් අනිද්දා සිට ජූලි 17 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ භාරගන්නා අතර අයදුම්කරුවන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස අයදුම්පත් යොමු කළ හැකියි.

අමාත්‍යංශ ලේකම්වරුන්ව ජනපති කාර්යාලයට කැඳවයි
හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග දිවයිනට පැමිණෙයි
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ යෑමේ වාසිය ජනතාවට ලබාදෙමින් පාකිස්තානය ඉන්ධන මිල පහළ දමයි
රවීගේ, ශානිගේ පත්වීම ගැන ඇමති බිමල් දැන් කියන කතාව
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වසා දමයි
ශ්‍රී ලංකාවට FOTON මෙට්‍රෝ බස් 104ක්
12 ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණ විභාගය ඔක්තෝම්බරයේ
2026 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින නිවේදනය කරයි
බැසිල් රාජපක්ෂට එරෙහි වරෙන්තුව යළි කැඳවීම ප්‍රතික්ෂේප කෙරේ
සාමාන්‍ය පෙළ විභාගයේදී සිසුන් 11,790කගෙන් විශිෂ්ඨ දස්කම්
2025 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක්
ඔලිම්පික් රන් පදක්කම් ලාභියා පරදවමින් රුමේෂ් තරංග ලැබූ ජය