ලෝක වෙළඳපොළේ පවතින ඉන්ධන මිල වත්මන් මට්ටමේම ඉදිරියටත් පැවතුනහොත්, ලබන අගෝස්තු හෝ සැප්තැම්බර් මාසය වන විට එහි සහනය මෙරට ජනතාවට ලබා දීමට හැකිවනු ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉන්ධන අලෙවියෙන් ලාභ ඉපැයීමේ අරමුණක් රජයට නොමැති බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන, මහා මාර්ගය සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා,
”දැනුත් හැම ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහනාධාරයක් ආණ්ඩුව දෙනවා.. පෙට්රල්වලට 20ක් වගේ.. තෙල් ගන්නේ කඩේට ගිහින් බඩුවක් ගන්නවා වගේ නෙමේ.. කලින් ටෙන්ඩර් කරලා ගන්නේ.. ඒ ටෙන්ඩර් අනුව එන ඒවා, ඒ මිලටම ගන්න වෙනවා.. නමුත් අපි හිතනවා අගෝස්තු, සැප්තැම්බර් මාසය වෙද්දී මේ තත්ත්වයම තිබුණොත් ජනතාවට සහනයක් ලැබෙයි කියලා.. රටේ ආර්ථිකයටත් ඒක අවශ්‍යයි.. මේ ඔක්කොම දේවල් කරන්න පුලුවන් වෙලා තියෙන්නේ ආර්ථිකය ඉහළ මට්ටමකට, ඒ කියන්නේ ආර්ථිකයේ ඉහළ කොටස අපි ගොඩ නඟලා තියන නිසා.. ආණ්ඩුව තෙල්වලින් ලාභ උපයන්න බලාපොරොත්තුවක් නෑ.. අපිත් ඇත්තටම ඉල්ලලා තියෙනවා හැකි විගස තෙල් මිල අඩු කරන්න කියලා”

අදත් කොළඹට මහ වැස්සක්! ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි!
රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක් පාඩු ලබයි
කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්
රාජ්‍ය සේවය අලුත් කරයි
ශ්‍රී ලංකාවේ මගී ඩ්‍රෝන යානා සේවාවේ පළමු නිල අත්හදා බැලීම අද
සුගීෂ්වර යළි රිමාන්ඩ්
හිරුණිකාගේ ඇපෑල විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
බලංගොඩ කස්සප හිමිට වරෙන්තු
2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට
ලාහෝර්හි දුමාරය හේතුවෙන් පාකිස්තාන – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය රාවල්පිණ්ඩි වෙත මාරු කෙරේ
කඩුගන්නාවෙන් වසා දැමුණු මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටස යළි විවෘත කෙරේ! වාහන ගමනාගමනයට සීමා!
හිටපු ජනපති රනිල්ගේ නඩුව අද යළි කැඳවයි