ලොව පුරා ප්‍රේක්ෂක ආදරය දිනාගත් පික්සාර් (Pixar) සමාගමේ ‘Toy Story’ චිත්‍රපට මාලාවේ පස්වැන්න (Toy Story 5) සිනමා ඉතිහාසයේ නව බොක්ස් ඔෆිස් වාර්තා තබමින්, 2026 වසරේ සති අන්තයක වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය බවට පත්ව තිබෙනවා.
පළමු ‘Toy Story’ චිත්‍රපටය තිරගත වී වසර 31ක් ගතවී ඇතත්, මෙම ආදරණීය සෙල්ලම් බඩු කතාව නැරඹීමට ප්‍රේක්ෂකයන් තුළ තවමත් පවතින දැඩි උනන්දුව මෙමඟින් මැනවින් සනාථ වනවා.
පසුගිය ජූනි 19 වැනිදා ලොව පුරා තිරගත කිරීම් ආරම්භ කළ මෙම චිත්‍රපටය, සිය පළමු සති අන්තයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 160ක ටිකට්පත් අලෙවියක් වාර්තා කර ඇති අතර, ජාත්‍යන්තර සිනමාශාලාවලින් ද ඩොලර් මිලියන 152ක ආකර්ෂණීය ආදායමක් උපයා තිබෙනවා.
ඒ අනුව සමස්ත ලෝක ව්‍යාප්ත ආදායම ඩොලර් මිලියන 312ක් ලෙස සටහන් වනවා.
මෙය ‘Toy Story’ සිනමා ඉතිහාසයේ නව වාර්තාවක් වන අතර, 2019 වසරේ තිරගත වූ ‘Toy Story 4’ චිත්‍රපටය තැබූ ඩොලර් මිලියන 120ක වාර්තාව ද මින් බිඳ වැටුණා.
එමෙන්ම, සිනමා ඉතිහාසයේ සජීවීකරණ (Animated) චිත්‍රපටයක් ආරම්භක සති අන්තයේ ලැබූ දෙවන ඉහළම ආදායම ද මෙය වන අතර, එහි පළමු ස්ථානය පසුවන්නේ 2018 වසරේ ඩොලර් මිලියන 182.7ක් සෙවූ ‘Incredibles 2’ චිත්‍රපටයයි.
සිනමා විචාරකයන් පවසන්නේ පවතින මෙම ඉහළ ප්‍රවණතාවය අනුව Toy Story 5 චිත්‍රපටය 2026 වසර අවසන් වන විට ඩොලර් බිලියනය ඉක්මවූ දැවැන්ත ආදායමක් ලබනු ඇති බවයි.
මීට පෙර තිරගත වූ Toy Story චිත්‍රපට හතරම එකතුව ඩොලර් බිලියන 3කට වඩා උපයා ඇති අතර, ඔස්කාර් සම්මාන 11ක් සඳහා නිර්දේශ වී ඉන් සම්මාන 3ක්ම (හොඳම සජීවීකරණ චිත්‍රපටය සඳහා දෙකක් සහ හොඳම මුල් ගීතය සඳහා එකක්) දිනා ගැනීමට සමත් වුණා.
කෙසේ වෙතත්, Euronews Culture ආයතනයේ සිනමා විචාරකයින් පවසන්නේ මෙය පෙර චිත්‍රපටයට වඩා සාර්ථක වුවද, නැවත නැවතත් එකම කතාව ප්‍රතිචක්‍රීකරණය කිරීමක් වැනියි හැඟෙන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් අසාදු ලේඛනයට? රජයෙන් නිවේදනයක්
පුෂ්පිකාගේ රූ රැජින කිරුළ ගැලවූ නඩුවේ තීන්දුවට දින නියම කෙරේ
මැයි මාසයේ උද්ධමනය ඉහළට
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
බර්ගර්, පීසා, බිස්කට්, කේක් ඇතුළු ආහාර වර්ග රැසක් පාසල් ආපනශාලාවල විකිණීම තහනම්! නවතම මාර්ගෝපදේශය මෙන්න!
කෑගල්ලේදී දරුණු රිය අනතුරක්! වාහන 6ක් එකිනෙක ගැටෙයි! අයෙක් මරුට! 10කට තුවාල! (වීඩියෝ)
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
මෙවැනි දරුවන්ව පාසලට යවන්න එපා! සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි!
අමෙරිකාවේ ඉහළ පෙළේ නියෝජිතයෙක් තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
යළි සෙලවුණු ශ්‍රී ලංකා රුපියල
දිනක් තුළ වාර්තා වූ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වෙයි! රෝගීන් 1,000 ඉක්මවයි!
සැක සහිත අයෙකු ගැන සලේගේ බිරිඳගෙන් පැමිණිල්ලක්