ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ සෑම වසරකම සිදුවන වාර්ෂික බස්ගාස්තු සංශෝධනය මෙවර ජූලි 03වන දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බවයි.
එමෙන්ම සෑම වසරකම ජූලි 01 වන දින ක්‍රියාත්මක කිරීමට නියමිත බස් ගාස්තු සංශෝධන වර්තමානයේ සිදුවන මාසික ඉන්ධන සංශෝධනය පිළිබඳව අවධානය යොමු කරමින් ජූලි මස 03 වන දින ක්‍රියාත්මක කිරීමට මේ වන විට අවධානය යොමුව ඇති බව ඔහු පවසයි.
ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ මේ සම්බන්ධව අනෙකුත් බස් සංගම් සමග සාකච්ඡා කරන බවත් පැවසූ මේ මොහොතේ යම් ආකාරයකින් ඉන්ධන මිල සංශෝධනයේදී ඩීසල් මිල අඩු වුවහොත් මාස 6ක් පුරාවට කිසිදු අයුරකින් ගාස්තු අඩු කිරීමකින් තොරව බස් ගාස්තුව පවත්වා ගෙන යන බවත්ය.
එහිදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ බස් කර්මාන්තයට බරපතළ අර්බුදයක් පැන නැගී ඇති බවත් ජූනි මාසයේ ආරම්භයේ සිට මේ දක්වා රුපියල් කෝටි 60ක පාඩුවක් බස් කර්මාන්තයට සිදුව ඇති බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා,
“ඩීසල් අඩුවුණත් අපි මාස 6ක් පුරා අපි බස් ගාස්තු අඩු කරන්න කටයුතු කරන්නේ නෑ. මොකද කර්මාන්තයට බරපතළ අර්බුදයක් තිබෙනවා. මේ මාසයේ ජූනි 1 වැනිදා සිට ජුනි අග වෙනකන් මේ මාසේ ඇතුළත රුපියල් 25ක පාඩුවෙන් රුපියල් කෝටි 60ක පාඩුවක් වෙලා තිබෙනවා. අපි කියන්නේ මේ සංශෝධනය හදාගන්න වෙනවා ඩීසල් මිල අඩු කළාට මාස 6ක් වෙනකන් අපි අඩු කරන්නේ නෑ. පුළුවන් නම් අපිට නඩු දාන්න අපි කියනවා ප්‍රතිපත්තියක් විදිහට කිසි තැනක සඳහන් කරලා නෑ ඩීසල් අඩු කළාට බස් ගාස්තු අඩු කරන්න ඕනේ කියලා.”

මෙවැනි දරුවන්ව පාසලට යවන්න එපා! සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි!
අමෙරිකාවේ ඉහළ පෙළේ නියෝජිතයෙක් තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
යළි සෙලවුණු ශ්‍රී ලංකා රුපියල
දිනක් තුළ වාර්තා වූ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වෙයි! රෝගීන් 1,000 ඉක්මවයි!
සැක සහිත අයෙකු ගැන සලේගේ බිරිඳගෙන් පැමිණිල්ලක්
චීන තානාපති හා ටිල්වින් අතර හමුවක්
ට්‍රම්ප්ගෙන් නැවතත් ඉරානයට තර්ජනයක්
අද 2න් පස්සේ එළියට යනවා නම් කුඩේ අමතක කරන්න එපා
දයා සමූහ ව්‍යාපාරයේ දේපල බැංකුවට සින්න වෙයි! නඩු ගාස්තුත් ගෙවන්න නියෝග!
තුන්කොන් සටනේ ජය ඉන්දීය A කණ්ඩායමට
මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් සදහා පිරිනැමෙන තැඹිලි දාන අවලංගු කෙරේ
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 5ක පරාජයක්