Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සැක සහිත අයෙකු ගැන සලේගේ බිරිඳගෙන් පැමිණිල්ලක්

52 minutes ago

සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය, අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය වෙත විශේෂ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ යැයි සැක කෙරෙන, සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකු විසින් තමාව සහ සිය දරු දෙදෙනාව අඛණ්ඩව ලුහුබඳිමින් නිරීක්ෂණය කරන බවට ඇය සිය පැමිණිල්ල හරහා චෝදනා කර සිටියි.

පෙරේදා දින ඇයගේ 17 හැවිරිදි දියණිය සහ 22 හැවිරිදි පුත්‍රයා සිය පියාගේ සුවදුක් විමසීම සඳහා ජාතික රෝහල වෙත ගිය අවස්ථාවේදී, අදාළ සැකකටයුතු පුද්ගලයා ඔවුන් පසුපස ගොස් ජංගම දුරකථනයෙන් දරුවන්ගේ ඡායාරූප හෝ වීඩියෝ ලබාගෙන ඇති බව පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ. මීට පෙර අවස්ථාවලදී ද මෙම පුද්ගලයා ජාතික රෝහල අසල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රය අවට සැකකටයුතු ලෙස ගැවසෙනු තමන් නිරීක්ෂණය කළ බවද ඇය පෙන්වා දෙයි.

මෙම තත්ත්වය හමුවේ සිය පවුලේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් පියවර ගන්නා ලෙස මනෝරි සලේ මහත්මිය අදාළ අධිකාරියෙන් ඉල්ලා ඇත. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත්, මෙම සැකකටයුතු පුද්ගලයා කවුරුන්ද යන්න නිශ්චිතව හඳුනාගන්නා ලෙසත්, ඔහු මෙම ක්‍රියාවන් සිදු කරනු ලබන්නේ කාගේ උපදෙස් හෝ මෙහෙයවීමක් යටතේද යන්න තහවුරු කරගන්නා ලෙසත් ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *