දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය සීග්‍රයෙන් ඉහළ යමින් පවතින පසුබිමක, ඊයේ (21) දිනය තුළ පමණක් අලුතින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි. මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ දිනක් ඇතුළත ඩෙංගු ආසාදිතයන් 1,000 සීමාව ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාව මෙය බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා තහවුරු කර ඇත.
පවතින වැසි සහිත කාලගුණයත් සමග මදුරුවන් බෝවීම වේගවත් වී ඇති අතර, මේ වන විට මෙරට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 46,000 සීමාව ද ඉක්මවා ගොස් තිබේ. මෙහිදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර සහ දකුණු පළාත්වලින් වාර්තා වන අතර, ජූනි මාසය තුළ පමණක් රෝගීන් 12,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත.
මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් රෝහල්වල ධාරිතාවට ද දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. එබැවින්, උණ රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත්, මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කරමින් තම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටියි.

මෙවැනි දරුවන්ව පාසලට යවන්න එපා! සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි!
අමෙරිකාවේ ඉහළ පෙළේ නියෝජිතයෙක් තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
යළි සෙලවුණු ශ්‍රී ලංකා රුපියල
සැක සහිත අයෙකු ගැන සලේගේ බිරිඳගෙන් පැමිණිල්ලක්
චීන තානාපති හා ටිල්වින් අතර හමුවක්
ට්‍රම්ප්ගෙන් නැවතත් ඉරානයට තර්ජනයක්
ජූලි මාසයේදී යළිත් බස් ගාස්තුව ඉහළට?
අද 2න් පස්සේ එළියට යනවා නම් කුඩේ අමතක කරන්න එපා
දයා සමූහ ව්‍යාපාරයේ දේපල බැංකුවට සින්න වෙයි! නඩු ගාස්තුත් ගෙවන්න නියෝග!
තුන්කොන් සටනේ ජය ඉන්දීය A කණ්ඩායමට
මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් සදහා පිරිනැමෙන තැඹිලි දාන අවලංගු කෙරේ
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 5ක පරාජයක්