ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන් විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) වෙත රුපියල් බිලියන 550කට අධික හිඟ බදු මුදලක් ගෙවීමට ඇති බව අනාවරණය වී තිබෙනවා.
නවතම බදු සංශෝධන පැහැදිලි කිරීම සඳහා පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීනුයි මෙය අනාවරණය කර ඇත්තේ.
මෙම හිඟ බදු මුදල්වලින් රුපියල් බිලියන 100කට ආසන්න ප්‍රමාණයක් අය කර ගැනීම සඳහා මේ වන විටත් නීතිමය පියවර ගනිමින් පවතින බවයි නිලධාරීන් සඳහන් කර තිබෙන්නේ.
මීට අමතරව, මෙම හිඟ මුදල් අය කර ගැනීම සඳහා දෙපාර්තමේන්තුව විසින් තවත් ක්‍රමවේද කිහිපයක්ම භාවිත කරමින් සිටින බව ද ඔවුන් පවසා තිබෙනවා.
එම පියවරයන් අතරට බැංකු ගිණුම් අත්හිටුවීම (Freezing), දේපළ පවරා ගැනීම (Attaching assets) සහ හිඟ බදු පැහැර හැර ඇති බදු ගෙවන්නන් සමග සාකච්ඡා කර අදාළ හිඟ මුදල් පියවීමට පහසුකම් සැලසීම ඇතුළත්.
දේශීය ආදායම් පනත යටතේ අදාළ ප්‍රතිපාදන සලසා ඇති බැවින්, අධිකරණ නියෝගයකින් තොරව බැංකු ගිණුම් අත්හිටුවීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නීතිමය බලය ඇති බව ද එහිදී පැහැදිලි කර තිබෙනවා.
මේ අතර, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු ප්‍රකාශ කර ඇත්තේ, 2026 වර්ෂය සඳහා දෙපාර්තමේන්තුව වෙත රුපියල් බිලියන 2,401ක බදු ආදායම් ඉලක්කයක් පවරා ඇති බවයි.
ශ්‍රී ලංකාව තුළ මේ වන විට තනි පුද්ගල බදු ගෙවන්නන් මිලියන 1.3ක් (ලක්ෂ 13ක්) පමණ සිටින අතර, සමාගම් 130,000ක් පමණ බදු ගෙවන්නන් ලෙස ලියාපදිංචි වී තිබෙනවා.

ඉදිරි ඡන්දවලදී ඇඟිල්ල පාට කිරීම නවතී?
ෆවුසිට එරෙහි පෙත්සමක විභාගය අවසන්
2027 සිට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛයක්
සබරගමුව පළාතට නව ප්‍රධාන ලේකම්වරයෙක්
අද ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
සරණ ගුණවර්ධනට බන්ධනාගාර රෝහලේ දොර වැසෙයි! පුස්තකාල සේවයට යොදවයි!
ප්‍රදේශ කිහිපයකට හෙට පැය 24ක ජල කප්පාදුවක්
රජයේ සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට සුබ ආරංචියක්
සුරේස් සලේගේ ඥාතීන්ගෙන් පාප් වහන්සේට ලිපියක්
බැංකුවේ සේප්පුවට බැස්ස හොරු මුරකරුවන් ගැට ගසා රන් භාණ්ඩ කොල්ලකයි
පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්! සභාව කල්තබයි!
ඥානසාර හිමිගේ සිරදඬුවම තීන්දුයි! අභියාචනය ඉවතට!