සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය (Chinese Embassy in Sri Lanka) මඟින් සපයන ලද අත්‍යවශ්‍ය පාසල් උපකරණ සහ වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ මානුෂීය වැඩසටහනක් ඊයේ (24) දින දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලදී.
ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් (Qi Zhenghong) මහතාගේ සෘජු ප්‍රධානත්වයෙන් සහ සහභාගිත්වයෙන් මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන ගාල්ල, අඟුළුගහ මහා විද්‍යාලීය පරිශ්‍රයේදී අතිත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.
වත්මන් ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අපහසුතා මතු වී ඇති අඟුළුගහ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුදැරියන් 500 දෙනෙකු සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය පාසල් උපකරණ තොගයක් මෙහිදී තානාපතිවරයා සහ දිලිත් ජයවීර මහතා අතින් පිරිනමන ලදී.
මීට අමතරව, ගාල්ල, අඟුළුගහ ප්‍රදේශයේ ජීවත්වන දැඩි ආර්ථික අපහසුතාවලින් පීඩා විඳින අඩු ආදායම්ලාභී පවුල් 200ක් වෙනුවෙන් එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු සහන මළු බෙදාදීම ද මෙහිදී සිදු කෙරුණි.

ජනපති හදිසියේම පාර්ලිමේන්තුවට පැමිණෙයි
රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට
වෙනිසියුලාවේ ප්‍රබල භූ කම්පනයක්! පුද්ගලයින් 32කට දිවි අහිමි වෙයි!
බොරතෙල් බැරලයක මිල යුද්දයට පෙර පැවති මිල දක්වා පහත වැටෙයි
සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි අධිකරණයට
ජූලි 1 වනදා සිට 15%කට අධික බස් ගාස්තු වැඩිවීමක්?
භෞත චිකිත්සකවරියගේ මරණයේ සැකකරුගේ කැරැට්ටුව එළියට! මරණ පරීක්ෂණයෙන් හෙළි වූ දේ!
විජයදාසගේ පුත් රඛිත සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට
දැරණියගල පොලිසිය හා තරුණයින් අතර ඇතිවූ ගැටුම ගැන පොලිස් ඇමතිගෙන් ප්‍රකාශයක්
අද සිට කාලගුණයේ වෙනසක්
මින් ඉදිරියට අස්වැසුම දුප්පත් සහ අන්ත දිළිදු පවුල් වෙත පමණයි
2026 මුල් මාස පහේදී ශ්‍රී ලංකාවට වාර්තාගත අපනයන ආදායමක්