Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අද සිට කාලගුණයේ වෙනසක්

1 hour ago

ශ්‍රී ලංකාවේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ තාවකාලික වර්ධනයක් අද (ජූනි 25) රාත්‍රියේ සිට ඉදිරි දින කිහිපය තුළ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත්, මීට අමතරව ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහාත් විටින් විට වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශ සැලකීමේදී, ඌව පළාතේ මෙන්ම නැගෙනහිර පළාතේ අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.

කාලගුණ අනාවැකියට අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර තරමක තද සුළං තත්ත්වයක් ද ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් සහ දරුණු අකුණු අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බැවින්, එමඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *