Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මින් ඉදිරියට අස්වැසුම දුප්පත් සහ අන්ත දිළිදු පවුල් වෙත පමණයි

2 hours ago

අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ මින් ඉදිරියට මූල්‍ය දීමනා ගෙවීම් සිදුකරනු ලබන්නේ දිවයිනේ අතිශය සුදුසුකම්ලත් දුප්පත් සහ අන්ත දිළිඳු පවුල් සඳහා පමණක් බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අවධාරණය කරයි. 2023 වර්ෂයේ දී ආරම්භ කරන ලද මෙම සුබසාධක වැඩසටහනේ දෙවන අදියර මේ වසරේ (2026) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මේ වන විට ඒ සඳහා වන තොරතුරු යාවත්කාලීන කිරීමේ කටයුතු කඩිනමින් සිදුකෙරේ.

2023 වසරේ ආරම්භක අදියරේදී කාණ්ඩ 4ක් යටතේ මෙරට පවුල් ලක්ෂ 16කට ආසන්න පිරිසකට අස්වැසුම දීමනා හිමිවිය. කෙසේ වෙතත්, ක්‍රමවත් සමාලෝචනයකින් පසු එහි සිව්වන කාණ්ඩය වන “සංක්‍රාන්තික කාණ්ඩයේ” ප්‍රතිලාභීන් 315,000කට 2025 අප්‍රේල් මාසයේ සිට ගෙවීම් නතර කිරීමට පියවර ගැණුනි.

එමෙන්ම, එහි තෙවන කාණ්ඩය වන “අවදානමට ලක්වූ කාණ්ඩයට” අයත් ප්‍රතිලාභීන් 425,000කට ද මේ වසරේ (2026) ජුනි මාසයේ සිට අස්වැසුම දීමනාව ලබාදීම සම්පූර්ණයෙන්ම නතර කර ඇති බව වාර්තා වේ.

දීමනා අත්හිටුවන ලද මෙම කාණ්ඩ දෙක (සංක්‍රාන්තික සහ අවදානමට ලක්වූ) තුළ සිටින පවුල් අතරින්, වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ සැබවින්ම දුප්පත් හෝ අන්ත දිළිදු තත්ත්වයට පත්ව සිටින පවුල් වෙතොත්, ඔවුන්ට නැවත වටයකින් අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සහකාර කොමසාරිස් අශාන් දර්ශක මහතා සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *