Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විමල් වීරවංශගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙක් රිමාන්ඩ්

8 minutes ago

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත කර රජයට පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාලව, හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (24) නියෝග කළා.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ බව කියන ක්‍රිෂාන්ත ප්‍රදීප් සිල්වා නමැත්තා.

සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් වන නියෝගය සලකා බැලීම එදිනට (03) සිදු කරන බව ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රකාශ කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *