Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සුගීෂ්වර ජුලි 8 තෙක් යළි රිමාන්ඩ්

26 minutes ago

අද (01) පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාක් අධිකරණයට ඉදිරිපත් කෙරුණු සුගීෂ්වර බණ්ඩාර ජුලි 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ජුලි මස 08 වනදා ප්‍රකාශයට පත්කරන බවද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එදින තෙක් සැකකරු තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන බවත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙලෙස අද  නියෝග කළේය.

මෙම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙන බවත් විමර්ශන සිදු කරන මධ්‍යම අපරාධ විමර්ශන අංශය අධිකරණයට දැනුම්දුනි.

සුගීෂ්වර බණ්ඩාර ඉකුත් ජුනි 18 වැනිදා කොල්ලුපිටිය ප්‍රදේශයේදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ජුලි 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *