අද (01) පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාක් අධිකරණයට ඉදිරිපත් කෙරුණු සුගීෂ්වර බණ්ඩාර ජුලි 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ජුලි මස 08 වනදා ප්‍රකාශයට පත්කරන බවද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
එදින තෙක් සැකකරු තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන බවත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙලෙස අද නියෝග කළේය.
මෙම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙන බවත් විමර්ශන සිදු කරන මධ්‍යම අපරාධ විමර්ශන අංශය අධිකරණයට දැනුම්දුනි.
සුගීෂ්වර බණ්ඩාර ඉකුත් ජුනි 18 වැනිදා කොල්ලුපිටිය ප්‍රදේශයේදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ජුලි 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

සලේ උපවාසය අත්හරී
ශ්‍රී ලංකා රුපියල හුස්මක් ගනී
වත්කම් – බැරකම් ප්‍රකාශ භාර දීමේ කාලය දීර්ඝ කරයි! ඒ ගැන ඔබ දැන සිටිය යුතු ම කරුණු 6ක්!
මාව නිදොස් කොට නිදහස් කරන්න! සරණගෙන් වසර 16ක සිරදඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක්!
සමාජ මාධ්‍ය කැළඹූ දන්සල් පොළිමේ පහරදීමේ සිද්ධියට අදාළ සිඟිති පාතාලේ 5ක් කොටු
පාකිස්ථානයේ උපකාරක පංතියක වහලක් කඩා වැටෙයි! 14ක් ජීවිතක්ෂයට!
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයට නව මුහුණක්
IMF නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
මල් නෙලීමට ඔරුවකින් ගිය පාසල් සිසුන් සිව් දෙනෙක් වනාතවිල්ලුව මංගලපුර කලපුවේ ගිලී ජීවිතක්ෂයට
යල කන්නයේ වී සඳහා සහතික මිල ප්‍රකාශයට පත් කෙරේ