Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් රන් මිලෙහි දැවැන්ත පෙරළියක්

12 minutes ago

මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ගෝලීය ආර්ථිකය තුළ උද්ධමනය ඉහළ යා හැකි බවට මතු වූ බියත් සමඟ, ජාත්‍යන්තර වෙළෙඳපොළේ රන් මිල පහත වැටෙමින් පවතින බව මූල්‍ය විශ්ලේෂකයෝ පවසති.

සාමාන්‍යයෙන් ආර්ථික අර්බුද පවතින වටපිටාවක රන් යනු “සුරක්ෂිත තෝතැන්නක්” ලෙස සැලකුණ ද, වත්මන් තත්ත්වය ඊට වෙනස් මුහුණුවරක් ගෙන තිබේ. කලාපීය නොසන්සුන්තාව හේතුවෙන් බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එය ගෝලීය උද්ධමනය නැවත උත්තේජනය කිරීමට සමත් වී ඇත.

මෙම උද්ධමනකාරී ප්‍රවණතාව පාලනය කිරීම සඳහා ඇමරිකානු ෆෙඩරල් රිසර්ව් බැංකුව විසින් සිය පොලී අනුපාත තවදුරටත් ඉහළ දමනු ඇතැයි ආයෝජකයින් දැඩි ලෙස අපේක්ෂා කරයි. මූල්‍ය දත්තවලට අනුව, ෆෙඩරල් බැංකුව මෙම වසරේදී තවත් තුන් වතාවක් (3) පොලී අනුපාත ඉහළ දැමීමට ඉඩ ඇති අතර, ලබන සැප්තැම්බර් මාසයේදී පොලී අනුපාත වැඩි වීමේ සම්භාවිතාව 61% ක් තරම් ඉහළ අගයක පවතී.

පොලී අනුපාත ඉහළ මට්ටමක පවතින වටපිටාවක, රන් සන්තකයේ තබා ගැනීමෙන් ස්ථාවර පොලී ආදායමක් (Yield) උපයාගත නොහැකි වීම නිසා රන් සඳහා පවතින ආකර්ෂණය සහ ඉල්ලුම අඩු වී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *