ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ ආරාධනයකට අනුව වතිකානයේ පසුගිය ජුනි 26 සහ 27 යන දිනවල පැවැත්වුණු “දෙවන විශේෂ කාදිනල් සභාව” සඳහා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගී වී තිබේ.
කතෝලික සභාවේ ඉදිරි ගමන, ලෝක සාමය සහ වත්මන් ගෝලීය අභියෝග සම්බන්ධයෙන් කාදිනල් මණ්ඩලයේ සෘජු අදහස් හා උපදෙස් ලබාගැනීම අරමුණු කරගත් මෙම උපදේශන හමුව ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
වතිකානයේ ශාන්ත පේදුරු බැසිලිකාවේ (St. Peter’s Basilica) පැවති විශේෂ සහභාගිත්ව දිව්‍ය පූජාවකින් මෙම විශේෂ සභාව ආරම්භ වූ අතර, එහි නිල සැසිවාර හතරක් (04) වතිකානයේ VI වන පාවුළු ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය.
ශාන්ත පේදුරු බැසිලිකාවේ පැවති දිව්‍ය පූජාවකින් ආරම්භ වූ සභාවේ සැසි හතරක් VI වන පාවුළු ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර, ලෝකයේ සහ කතෝලික සභාවේ වත්මන් තත්ත්වය, සාමය ප්‍රවර්ධනය, සංගමන ක්‍රියාවලිය සහ “Magnifica Humanitas” නමැති පාප් වහන්සේගේ නව ආගමික ලේඛනය පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණි.
සිය දීර්ඝ දේවගැති සේවා අත්දැකීම් පදනම් කරගනිමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද අදාළ කරුණු සම්බන්ධයෙන් සිය අදහස් පාප් වහන්සේ සහ අනෙකුත් කාදිනල්වරුන් සමඟ හුවමාරු කරගෙන තිබේ.
රටවල් රැසක් නියෝජනය කරමින් කාදිනල්වරුන් 178 දෙනෙකු මෙම විශේෂ සභාවට එක්ව සිටි අතර, එහි සමාප්ති අවස්ථාව ලෙස ජුනි 29 දින ශාන්ත පේදුරු සහ ශාන්ත පාවුළු අපෝස්තුළුවරුන්ගේ මංගල්‍යය නිමිත්තෙන් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් විශේෂ දිව්‍ය පූජාවක් ද පවත්වා ඇත.
සුගීෂ්වර ජුලි 8 තෙක් යළි රිමාන්ඩ්
සලේ උපවාසය අත්හරී
ශ්‍රී ලංකා රුපියල හුස්මක් ගනී
වත්කම් – බැරකම් ප්‍රකාශ භාර දීමේ කාලය දීර්ඝ කරයි! ඒ ගැන ඔබ දැන සිටිය යුතු ම කරුණු 6ක්!
මාව නිදොස් කොට නිදහස් කරන්න! සරණගෙන් වසර 16ක සිරදඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක්!
සමාජ මාධ්‍ය කැළඹූ දන්සල් පොළිමේ පහරදීමේ සිද්ධියට අදාළ සිඟිති පාතාලේ 5ක් කොටු
පාකිස්ථානයේ උපකාරක පංතියක වහලක් කඩා වැටෙයි! 14ක් ජීවිතක්ෂයට!
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයට නව මුහුණක්
IMF නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
මල් නෙලීමට ඔරුවකින් ගිය පාසල් සිසුන් සිව් දෙනෙක් වනාතවිල්ලුව මංගලපුර කලපුවේ ගිලී ජීවිතක්ෂයට
යල කන්නයේ වී සඳහා සහතික මිල ප්‍රකාශයට පත් කෙරේ