Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

IMF නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

1 day ago

ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය මෙන්ම, රටේ උද්ධමනය සැලකිය යුතු ලෙස පහත වැටීම සහ ආර්ථිකය ස්ථාවරත්වය IMF නියෝජිතයින් විසින් ඇගයීමට ලක් කර තිබේ.

ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ප්‍රගතිය සහ රටේ සංවර්ධනයේ ඉදිරි අදියර සාකච්ඡා කිරීම අරමුණු කරගනිමින්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද (30) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

එහිදී පැවති සාකච්ඡාවේ දී අදහස් දක්වමින් එම පිරිස අවධාරණය කළේ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවයන් හේතුවෙන් මතුව ඇති අභියෝගවලට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබා දීමට සූදානම් බවය.

එහිදී අග්‍රාමාත්‍යවරිය විසින්, පසුගිය වසර එකහමාරක කාලය තුළ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදුන් අඛණ්ඩ සහයෝගයට සිය කෘතඥතාව පළ කළ අතර, ඉදිරියටත් දෙපාර්ශවය අතර හවුල්කාරිත්වය පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළාය.

ගෝලීය අවිනිශ්චිතතා හමුවේ තිරසාර ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සිය ඉදිරි ගමන් මඟ සකස් කරගත යුතු බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන් අතර විශේෂයෙන්ම වෙනස්වන ගෝලීය ප්‍රවණතාවන් හමුවේ බලශක්ති, වරාය සහ කෘෂිකාර්මික ක්ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, රටේ බාහිර කම්පනවලට මුහුණ දීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බවද  සඳහන් කළාය.

වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම, සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීම, සියල්ල ඇතුළත් ආර්ථිකයක් ගොඩ නැගීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

සංවර්ධනය ළඟා කරගැනීමේ දී ආර්ථික සංවර්ධනය සහ සමාජ ආරක්ෂණය යන දෙකම සමඟ ඉදිරියට යා යුතු බවත්  එය ළඟා කර ගැනීම සඳහා අපද්‍රව්‍ය කළමනාකරණය සහ අපජල පද්ධති වැනි ක්ෂේත්‍ර ඇතුළුව ශක්තිමත් පොදු යටිතල පහසුකම් අත්‍යවශ්‍ය බවද අග්‍රාමත්‍යවරිය පෙන්වා දී තිබේ.

එසේම, කාර්යක්ෂම රාජ්‍ය සේවා සැපයීමට බාධාවක් වී ඇති මානව සම්පත් ගැටළු සඳහා විසඳුම් සෙවීමේ අවශ්‍යතාවය ද අග්‍රාමාත්‍යවරයි තවදුරටත් අවධාරණය කළාය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *