මාලබේ නගරයේ පොසොන් දන්සැලක් අසල පෝලිම් ප්‍රශ්නයක් දුරදිග යාමෙන් තරුණයකුට පහරදුන් 16 සහ 17 හැවිරිදි සැකකරුවන් පස්දෙනෙකු මාලබේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පහරදීම ආරක්ෂක හිස්වැසුම් සහ අතින් පයින් සිදුකරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමෙන් අනතුරුව, ලැබුණු පැමිණිල්ලක් මත පොලිසිය විමර්ශන ආරම්භ කළා.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, බත් දන්සැලක පෝලිමේ සිටි තරුණයා ඉදිරියෙන් පෝලිමට එක්වීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකුට පිටුපසින් රැඳී සිටින ලෙස දැනුම් දීම මෙම ගැටුමට හේතු වී ඇති බවයි.
ඒ අනුව, පට්ටියවත්ත පාර, කොතලාවල ප්‍රදේශයේ පදිංචි 16 සහ 17 හැවිරිදි සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අද (1) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මාලබේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මාව නිදොස් කොට නිදහස් කරන්න! සරණගෙන් වසර 16ක සිරදඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක්!
පාකිස්ථානයේ උපකාරක පංතියක වහලක් කඩා වැටෙයි! 14ක් ජීවිතක්ෂයට!
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයට නව මුහුණක්
IMF නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
මල් නෙලීමට ඔරුවකින් ගිය පාසල් සිසුන් සිව් දෙනෙක් වනාතවිල්ලුව මංගලපුර කලපුවේ ගිලී ජීවිතක්ෂයට
යල කන්නයේ වී සඳහා සහතික මිල ප්‍රකාශයට පත් කෙරේ
වෙනිසියුලා භූකම්පනයෙන් පාපන්දු ක්‍රීඩක ලූකස් ට්‍රෙජෝ බිරිඳ සහ දරුවන්ගේ දිවි අහිමි වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අභාවප්‍රාප්ත වෙයි
NLB හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරාට ඇප
MR කොත්තු හිමිකරුට ඇප හිමිවෙයි
ජානක පෙරේරා ඝාතකයන්ට දුන් දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි