Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සුනඛයින් සම්බන්ධ නව පනත් කෙටුම්පත ගැන ගත් තීරණය

4 minutes ago

මෙරට ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සහ සුනඛ ගහනය විධිමත්ව පාලනය කිරීම අරමුණු කරගනිමින් සකස් කරන ලද “ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයින් ලියාපදිංචි කිරීමේ” නව පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත.

දැනට පවතින (476 වන අධිකාරය වූ) ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත සහ (477 වන අධිකාරය වූ) සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත එකිනෙකට ඒකාබද්ධ කරමින් මෙම නව පනත් කෙටුම්පත සකස් කර ඇත.

මීට පෙර 2025 සැප්තැම්බර් 22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සඳහා මූලික අනුමැතිය හිමි වූ අතර, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද කෙටුම්පත සඳහා මේ වන විට නීතිපතිවරයාගේ නිෂ්කාශනය (අනුමැතිය) ද ලැබී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *