Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 12ක ජල කප්පාදුවක්

4 hours ago

කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට හෙට (04) පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ මුල්ලේරියාව උපපොළ ආශ්‍රිතව සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලිබලය තාවකාලිකව අත්හිටුවීමට සිදුවීම මීට ප්‍රධානතම හේතුව වී තිබේ.

මීට අමතරව, දෙහිවල ජල පොම්පාගාරය සහ මාළිගාවත්ත ‘එලි හවුස්’ පොම්පාගාරය ආශ්‍රිත විදුලිබල පද්ධතීන්හි අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුතු කිහිපයක් ද එදිනම සිදු කිරීමට නියමිත බැවින් මෙම ජල කප්පාදුව සිදු කෙරේ.

ඒ අනුව හෙට (04) දිනයේ ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහත පරිදි වේ.

ඒ අනුව, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව සහ පිළියන්දල යන ප්‍රදේශවලට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවනු ලැබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙම පැය 12ක කාලසීමාව තුළ එදිනෙදා අත්‍යවශ්‍ය කටයුතු සඳහා අවශ්‍ය වන ජල ප්‍රමාණය කල්තබා ආරක්ෂිතව රැස් කර තබා ගන්නා ලෙසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *