මේ වන විට ආන්දෝලනයට තුඩු දී ඇති දිවයිනේ සුප්‍රසිද්ධ ආහාර සැපයුම් ජාලය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර, කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ විසින් කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව, අදාළ ආහාර සැපයුම් ජාලයේ හිමිකරු බව කියන පුද්ගලයකු විසින් එහි සේවකයන් වාචික සහ කායික හිංසනයට ලක් කිරීමේ සිදුවීම් පිළිබඳව ද සොයා බලන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.
ඊට අමතරව, කම්කරු නීතිරීතිවලට අනුකූලව සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) සේවකයන් වෙනුවෙන් නිසි පරිදි ගෙවා තිබේ ද යන්න මෙහිදී සොයා බැලීමට නියමිතයි.
මෙම ආහාර සැපයුම් ජාලයේ ශාඛා 12 ක් දිවයින පුරා පිහිටා ඇති අතර, ඒවා වෙන් වෙන් ව කම්කරු නිලධාරීන් විසින් සමූහ පරීක්ෂාවකට ලක් කිරීමට අපේක්ෂිතයි.
එමෙන්ම ඇතැම් ශාඛා පසුගිය කාලය තුළ වසා දමා ඇති බවට තොරතුරු වාර්තා වන අතර, ඒවා වසා දැමීමේදී එහි සේවකයන්ට නීත්‍යානුකූලව හිමි විය යුතු වන්දි ආදිය ලබා දී තිබේ ද යන්න සොයා බලන ලෙස ද කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ විසින් දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ නිවේදනය පහතින්.


අඩි 1450 ක් ඉහළට නැඟ, විවාහ යෝජනාවක් කළ රුසියානු යුවළක් පොලිස් අත්අඩංගුවට
පාසල් සිසුන්ට දුම්වැටි අලෙවිකළ වෙළෙඳසැල් හිමියන් පිරිසකට වැඩ වරදී
ඩෙංගු රෝගීන් පනස් හයදහස පන්නයි
තායිලන්තයේදී 11 හැවිරිදි දරුවෙකු පැදවූ රථයක ගැටී භික්ෂූන් වහන්සේලා 8 නමක් අපවත් වෙති! 13කට බරපතළයි!
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස පහළට
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගෙන් CIDයට පැය 4ක ප්‍රකාශයක්
අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස පත් කෙරේ
වැඩිහිටි දීමනාව පිළිබඳව දැනුම්දීමක්
පාකිස්තාන ආරක්ෂක ලේකම් දිවයිනට
හිටපු ඇමති එස්.එම්.චන්ද්‍රසේනට අධි චෝදනා භාර දෙයි
ඔබේ දරුවන් ගැන අවධානයෙන් ඉන්න! නව යොවුන් වියේ දරුවන් බරපතළ අවදානමක!
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඇම්බර් වර්ණයෙන් යුත් නිවේදනයක්