කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට හෙට (04) පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ මුල්ලේරියාව උපපොළ ආශ්‍රිතව සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලිබලය තාවකාලිකව අත්හිටුවීමට සිදුවීම මීට ප්‍රධානතම හේතුව වී තිබේ.
මීට අමතරව, දෙහිවල ජල පොම්පාගාරය සහ මාළිගාවත්ත ‘එලි හවුස්’ පොම්පාගාරය ආශ්‍රිත විදුලිබල පද්ධතීන්හි අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුතු කිහිපයක් ද එදිනම සිදු කිරීමට නියමිත බැවින් මෙම ජල කප්පාදුව සිදු කෙරේ.
ඒ අනුව හෙට (04) දිනයේ ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහත පරිදි වේ.
ඒ අනුව, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව සහ පිළියන්දල යන ප්‍රදේශවලට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවනු ලැබේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙම පැය 12ක කාලසීමාව තුළ එදිනෙදා අත්‍යවශ්‍ය කටයුතු සඳහා අවශ්‍ය වන ජල ප්‍රමාණය කල්තබා ආරක්ෂිතව රැස් කර තබා ගන්නා ලෙසයි.

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
යෝෂිත රාජපක්ෂගේ ඉල්ලීමක් උසාවියෙන් විසිකරලා
අද අව් – වැසි තත්ත්වය
ලොව අංක එකේ සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ඇගයීමක්
සීනි අන්තර්ගත බීම සඳහා වර්ණ සංකේත ලේබල් කිරීමේ නව සංශෝධන ගැසට් කෙරේ
සලේ CIDයට මුරපද නොදී ඉන්න හේතු 4ක් ගම්මන්පිල හෙළිකරයි
අඩි 1450 ක් ඉහළට නැඟ, විවාහ යෝජනාවක් කළ රුසියානු යුවළක් පොලිස් අත්අඩංගුවට
පාසල් සිසුන්ට දුම්වැටි අලෙවිකළ වෙළෙඳසැල් හිමියන් පිරිසකට වැඩ වරදී
ඩෙංගු රෝගීන් පනස් හයදහස පන්නයි
තායිලන්තයේදී 11 හැවිරිදි දරුවෙකු පැදවූ රථයක ගැටී භික්ෂූන් වහන්සේලා 8 නමක් අපවත් වෙති! 13කට බරපතළයි!
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස පහළට
ආන්දෝලනයට තුඩුදුන් ප්‍රසිද්ධ කොත්තු අවන්හල් ජාලය පිළිබඳව විමර්ශනයක්! කම්කරු නියෝජ්‍ය ඇමැතිගෙන් උපදෙස්!