මුහුණු පොත (Facebook) සහ ටෙලිග්‍රෑම් (Telegram) සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ සබඳතා ගොඩනඟා ගනිමින්, අන්තර්ජාලය හරහා ව්‍යාපාර කර පහසුවෙන් මුදල් උපයා ගත හැකි බව පවසා මහා පරිමාණ මූල්‍ය වංචාවක නිරත වූ 23 හැවිරිදි සැකකරුවෙකු වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු ඊයේ, එනම් 2026 ජූලි මස 02 වනදා දහවල් කාලයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය හඳුනාගෙන ඇත.
එම විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු මෙම සූක්ෂ්ම ක්‍රමවේදය දිගින් දිගටම යොදාගනිමින් විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් හතළිස් තුන් ලක්ෂ අසූ හයදහස් දෙසිය දහනවයක (රු. 4,386,219.00) මුදලක් සෘජුවම වංචා කර ඇති බවයි. එමෙන්ම ඉන් රුපියල් ලක්ෂ 5කට අධික මුදලක් සැකකරු විසින් සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බව ද සාක්ෂි සහිතව අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

රඛිත රාජපක්ෂ හා චරිත් අබේසිංහට අධිකරණයෙන් අද දුන් නියෝගය
නව බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි! එක් එක් ගාස්තුවෙහි සිදුවන වෙනස මෙන්න!
වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගත් හේතූව එළියට! යෝෂිතගේ නමත් ගෑවෙයි!
රේගුවෙන් වාර්තාගත ආදායමක්
යෝෂිත රාජපක්ෂගේ ඉල්ලීමක් උසාවියෙන් විසිකරලා
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
අද අව් – වැසි තත්ත්වය
ලොව අංක එකේ සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ඇගයීමක්
කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 12ක ජල කප්පාදුවක්
සීනි අන්තර්ගත බීම සඳහා වර්ණ සංකේත ලේබල් කිරීමේ නව සංශෝධන ගැසට් කෙරේ
සලේ CIDයට මුරපද නොදී ඉන්න හේතු 4ක් ගම්මන්පිල හෙළිකරයි
අඩි 1450 ක් ඉහළට නැඟ, විවාහ යෝජනාවක් කළ රුසියානු යුවළක් පොලිස් අත්අඩංගුවට