මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන අඛණ්ඩව උල්ලංඝනය කිරීම හේතුවෙන් නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී (Nation Lanka Finance PLC) ආයතනයේ මුදල් ව්‍යාපාර බලපත්‍රය ජුලි 03 දින සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබෙනවා.
බැංකු පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව මෙම සමාගම ඈවර කිරීමට කටයුතු කරන බව මහ බැංකුව නිවේදනය කරනවා.
සමාගම මුහුණ දී තිබූ මූල්‍ය අර්බුද හමුවේ එය ස්ථාවර කිරීම සඳහා මීට පෙර විවිධ ව්‍යුහාත්මක විකල්ප කෙරෙහි අවධානය යොමු කර තිබුණා.
ඒ යටතේ ශක්‍යතාවයෙන් යුත් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමටත්, දැනට ස්ථාපිත ස්ථාවර වාණිජ බැංකු හෝ මුදල් සමාගම් වෙතින් උනන්දුවක් දක්වන පාර්ශවයන් වෙත විවෘත ආරාධනා නිකුත් කිරීමටත් පියවර ගෙන තිබූ බව මහ බැංකුව පවසනවා.
කෙසේ වෙතත්, එම උත්සාහයන් ව්‍යර්ථ වීමත් සමඟ 2025 ජුලි 04 දින සිට නේෂන් ලංකා ෆිනෑන්ස් ආයතනය සම්බන්ධයෙන් විශේෂ නිරාකරණ ක්‍රියාමාර්ග ආරම්භ කෙරුණා.
ඒ අනුව එදින සිට බලපැවැත්වෙන පරිදි සමාගමේ සියලුම වත්කම්, මෙහෙයුම් සහ ව්‍යාපාරික කටයුතුවල සම්පූර්ණ පාලනය මෙන්ම සමාගම වෙනුවෙන් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා පීඩබ්ලිව්ඩීඑන්ආර් රොද්‍රිගු මහතා පරිපාලකවරයා (Administrator) වශයෙන් පත් කිරීමටද මහ බැංකුව කටයුතු කර තිබුණා.
මෙම බලපත්‍රය අවලංගු කිරීමේ පියවරත් සමඟ, ආයතනයේ රක්ෂිත තැන්පත්කරුවන් වෙනුවෙන් වන්දි ගෙවීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය (SLDIRS) මඟින් ආරම්භ කිරීමට නියමිතයි.
එක් තැන්පත්කරුවෙකු වෙනුවෙන් උපරිමය රුපියල් 1,100,000ක් (ලක්ෂ එකොළහක්) දක්වා වන්දි මුදල් ගෙවීමට අවශ්‍ය පියවර ගන්නා බවත්, සමාගමේ බලපත්‍රය අවලංගු කරන දිනය වන විට, එක් එක් තැන්පත්කරු සතු සියලුම සුදුසුකම් ලත් තැන්පතු සහ ඒ සඳහා ලැබිය යුතු නොගෙවූ පොලී මුදල් එකතු කර ඒකාබද්ධ කිරීමෙන් පසු අවසන් වන්දි මුදල තීරණය කරනු ලබන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

ඩෙංගු නිසා සරසවි වැසීමේ අවදානමක්?
කරන්නාගොඩ අත්අඩංගුවට ගත් නඩුවේ සම්පූර්ණ විස්තරය එළියට! යෝෂිතගේ අධ්‍යාපන සුදුසුකම් හෙළිවෙයි!
2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්
‘හරක් කටා’ගේ බිරිඳගෙන් අල්ලස් ගනිද්දී විජයදාස රාජපක්ෂත් ඩුබායි ඉඳලා! අධිකරණයේදී තොරතුරු රැසක් හෙළි වෙයි!
හෙඩ්ෆෝන් පැලඳ පාරේ යන අයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග
ලාෆ්ස් ගෑස් මිල දැනෙන අගයකින් පහළට
අයතුල්ලා අලි කමේනිගේ අවමංගල උත්සවයට රටවල් රැසක නියෝජිතයින් පැමිණෙයි
ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! ඉසිත විජේසුන්දරට ටෙස්ට් වරම්!
වවුනියාව නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ ආණ්ඩුකාරයාගේ ගැසට් නිවේදනය මහාධිකරණයෙන් අත්හිටුවයි
මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි
2025 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක්
ලිට්රෝ ගෑස් මිල පහළට