Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි

31 minutes ago

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල පහළ ප්‍රදේශයේදී අද(03) මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථය කාන්තාවක් විසින් ධාවනය කර ඇති අතර, අනතුරට ලක්ව ඇත්තේ තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *