Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! ඉසිත විජේසුන්දරට ටෙස්ට් වරම්!

5 minutes ago

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ අවසන් අදියර සනිටුහන් කරමින් පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව, ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක්ම සිදුකර තිබේ. එහිදී දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක ඉසිත විජේසුන්දර මෙම තරගයේදී සිය මංගල ටෙස්ට් වරම් හිමිකර ගැනීම සුවිශේෂී වෙයි. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදි සිසුවෙකු වන 29 හැවිරිදි ඉසිත, මේ සමඟින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 170 වැනි ක්‍රීඩකයා ලෙසින් ක්‍රිකට් ඉතිහාසයට එක්වනු ඇත.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක හට මෙම තරගය අහිමි වී තිබේ. ඒ හේතුවෙන් ඔහුගේ ස්ථානය පිරවීම සඳහා ළහිරු උදාර කණ්ඩායමට කැඳවා ඇති බවද වාර්තා වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *