Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, ප්ලේන්ටී ඇතුළු හෝටල් කෑම මිල පහළට

28 minutes ago

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීම හේතුවෙන් ආපනශාලා ආහාර මිල ගණන්ද පහළ දමන බව සමස්ත ලංකා ආපනාශාලා හිමියන්ගේ සංගම පවසයි.

ඒ අනුව කෑම පාර්සලයක් (බත්) රුපියල් 15කින්, ප්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 15කින්, කෙටි ආහාර රුපියල් 5කින්, පරාටා රුපියල් 5කින්, බිත්තර රොටියක් රුපියල් 5කින්, කිරි තේ එකක් රුපියල් 5කින් සහ ප්ලේන්ටී එකක් රුපියල් 5කින් අඩු කිරීමට පියවර ගත් බව එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසීය.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන්  පහළ දැමීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *