ලෝක වෙළෙඳපොළේ රන් මිල තවදුරටත් ඉහළ අගයක පවතින පසුබිමක, දේශීය වෙළෙඳපොළේ රන් මිලෙහි කැපී පෙනෙන අඩුවීමක් සිදුව ඇති බව ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමය නිල වශයෙන් ප්‍රකාශ කරයි
ලෝක වෙළෙඳපොළේ අද (04) දින දත්තවලට අනුව රන් අවුන්සයක (Gold Ounce) මිල ඇමෙරිකානු ඩොලර් 4,175යි ශත 07ක් ($4,175.07) ලෙස සටහන් විය. මෙය පෙර දිනයට සාපේක්ෂව සියයට 1.52ක (1.52%) පැහැදිලි මිල ඉහළ යාමකි. ගෝලීය වශයෙන් පවතින ආර්ථික අනාරක්ෂිතතාවයන් හමුවේ ආයෝජකයින් රන් වෙත නැඹුරු වීම මෙලෙස මිල ඉහළ යාමට හේතු වී තිබේ.
ගෝලීය මිල ඉහළ යාම මෙලෙස වාර්තා වුවද, දේශීය වෙළෙඳපොළේ රන් මිලෙහි මිල පහත වැටීමක් අද දින වාර්තා විය.
ඒ අනුව අද (04) දින කැරට් 24 රන් පවුමක මිල රුපියල් 386,000 සිට රුපියල් 384,000 දක්වා අඩු වී ඇති අතර, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 355,100 සිට රුපියල් 353,300 දක්වා පහත වැටී තිබේ.

පාසල් පෙළපොත් සම්බන්ධයෙන් නව දත්ත පද්ධතියක්
තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
LPL සමාරම්භක උළෙලේදී ඩ්‍රෝන යානා 500ක සංදර්ශනයක්
හෙට සිට බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක්
ඩෙංගු මරණ සංඛ්‍යාව තවත් ඉහළට
සැමියාගෙන් පහර කෑ 29 හැවිරිදි බිරිඳ මරුට
කොදෙව්වන්ට එරෙහි දෙවැනි තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට
කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, ප්ලේන්ටී ඇතුළු හෝටල් කෑම මිල පහළට
ඩෙංගු නිසා සරසවි වැසීමේ අවදානමක්?
කරන්නාගොඩ අත්අඩංගුවට ගත් නඩුවේ සම්පූර්ණ විස්තරය එළියට! යෝෂිතගේ අධ්‍යාපන සුදුසුකම් හෙළිවෙයි!
2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්
‘හරක් කටා’ගේ බිරිඳගෙන් අල්ලස් ගනිද්දී විජයදාස රාජපක්ෂත් ඩුබායි ඉඳලා! අධිකරණයේදී තොරතුරු රැසක් හෙළි වෙයි!