Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හෙට සිට බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක්

53 minutes ago

බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි හෙට (05) සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වන මෙම ඒකාබද්ධ වැඩසටහන සඳහා සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන මෙන්ම ස්වේච්ඡා සංවිධානවල දායකත්වය ලැබීමට නියමිතය.

ඩෙංගු මදුරු ව්‍යාප්තිය සාර්ථකව මර්දනය කිරීම සඳහා මෙම මෙහෙයුමට උපරිම ජනතා සහභාගිත්වය සහ සහාය ලබා දෙන ලෙස ද බලධාරීන් ඉල්ලා සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *