වත්මන් රජය අධිකරණ ක්‍රියාවලිය මුවාවෙන් සිදුකරනු ලබන්නේ දේශපාලන පළිගැනීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අධිකරණ ක්‍රියාවලිය මුවාවෙන් දේශපාලන පළිගැනීම් සිදුවන බවට ජනතාව චෝදනා කරන්නේ දැයි මාධ්‍යවේදියෙකු මෙහිදී ප්‍රශ්න කර සිටි අතර, ඊට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, “ඇත්ත වශයෙන්ම දේශපාලන පළිගැනීමක් තමයි කරන්නේ. ඒක ඉතින් සාමාන්‍යයෙන් ඒ කට්ටිය කරන දෙයක්නේ” යනුවෙන්.
රාජපක්ෂ පවුලේ සාමාජිකයින් රැසකට නඩු පවතින පසුබිමක බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේදී ලංකාවට පැමිණෙන්නේදැයි මාධ්‍යවේදීන් විමසූ විට ඔහු කියා සිටියේ, ඔහු පැමිණෙන දිනයක් තමා නොදන්නා බවයි.
“එයා ඒවි. හැබැයි එන දවස එයාගෙන්ම තමයි අහන්න ඕනේ. අපි එයා යන දවස දන්නෙත් නැහැ, එන දවස දන්නෙත් නැහැ.”
මීරිගම පැවැති ආගමික උත්සවයකට එක්වීමෙන් අනතුරුව, මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

නාමල්ගේ ක්‍රිෂ් නඩුව කැඳවීමට දින දෙයි
ගැටුමින් තුවාල වූ නිලධාරීන් බලන්න ගිය අධිකරණ ඇමති
දිවි ගමනට සමුදුන් ඇෆ්ගන් ක්‍රිකට් තරුව
මීගමුව බන්ධනාගාර සිද්ධියේදී වෙඩි තැබීමට සිදුවූ ඇත්ත හේතුව මෙන්න
නාමල් රාජපක්ෂගෙන් නව දේශපාලන බලවේගයක්
NAITA ආයතනයට නව පත්වීම් 123ක්
මීගමුව බන්ධනාගාරයේ ඩෙංගු වැළඳී රැඳවියන් මියගියාද? ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
ශෂීන්ද්‍ර රාජපක්ෂට අධිචෝදනා භාරදෙයි
මීගමුව සිද්ධියේ මහ මොළකරු බව කියන සුරේෂ් බූස්සට
සියලු බන්ධනාගාරවල ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට හදිසි කැඳවීමක්
මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ
මීගමුව ගැටුම ගැන නොදන්න කතාව අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී දිග හරී