දැනට පවතින ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන ළමා රෝගීන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා පවසයි.
මෙම තත්ත්වය හමුවේ දරුවන්ට කඩිනම් සහ කාර්යක්ෂම වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා දෙමාපියන්ගේ සහ භාරකරුවන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බවද රෝහල් අධ්යක්ෂවරයා අවධාරණය කර ඇත.
ඒ අනුව, දරුවන් ප්‍රතිකාර හෝ සායනික කටයුතු සඳහා රෝහලට රැගෙන එන සෑම අවස්ථාවකදීම පහත සඳහන් ලියකියවිලි අනිවාර්යයෙන් රැගෙන එන ලෙස රෝහල් පාලනාධිකාරිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.
- පුද්ගල සෞඛ්‍ය අංකය (PHN) හෝ බාර්කෝඩ් කාඩ්පත
- ළමා සෞඛ්‍ය සංවර්ධන සටහන් පොත හෝ බර සටහන් පොත
- ඖෂධ හෝ ආහාර අසාත්මිකතා පිළිබඳ වාර්තා
- සායනික සටහන් පොත්
- රෝහලෙන් පිටවීමේ කාඩ්පත් හෝ රෝග විනිශ්චය කාඩ්පත්
වැඩිදුර තොරතුරු සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ කාර්යාලය 011 2693711 (දිගුව 307) ඔස්සේ සම්බන්ධ කරගත හැකිය.

2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි
පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළට
ඉන්දීය ආරක්ෂක ඇමති සැප්තැම්බරයේ දිවයිනට
බන්ධනාගාරයේ දී මියගිය කීර්තිසේන පණපිටින් නිවසට – මළගෙදර කටයුතුත් සූදානම් කරලා (වීඩියෝ)
ඩුබායි රාජ්‍යයේ සිට රැගෙන ආ ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි
ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි