Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහර නොසන්සුන්තාව මීගමුවේ සිද්ධියට වඩා වෙනස් – අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

12 hours ago

මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව, මීගමුවේ සිද්ධියට වඩා වෙනස් බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

මීගමුවේ ගැටුම ඇතිවූයේ රැඳවියන් රැඳවියන් අතර බවත්, මහර සිදුවූයේ රැඳවියන් හා බන්ධනාගාර පරිපාලනය අතර බවත් හෙතෙම පැවසීය.

ඊයේ (02) පස්වරුවේ පැවති උත්සවයකින් අනතුරුව මහර බන්ධනාගරයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසමකදී ඔහු මේ බව සඳහන් කළේය.

මේ අතර මෙලෙස බන්ධනාගාර තුළ නොසන්සුන්තා ඇතිවීමට යම්කිසි පිරිසක් සංවිධානාත්මක ආකාරයෙන් පිටත සිට මෙහෙයවනවාද යන්න පිළිබඳව තමන්ට සැකයක් තිබෙන බවද පැවසීය.

මීට පෙර හේතුවක් නොමැතිව මෙවැනි තත්ත්වයන් ඉස්මතු නොවූ බවත්, ඒ හේතුවෙන් ඒ පිළිබඳ සොයාබැලීමට කටයුතු කරන බව සඳහන් කළේය.

මේ අතර බන්ධනාගාර තුළ ගැටුම් ඇතිවීමට බන්ධනාගාර තදබදය එක් හේතුවක් වන වුවත්, වත්මන් රජය බලයට පත්වීමට පෙර සිටම එම තත්ත්වය ඇතිවී තිබූ බව පැවසීය.

කෙසේ නමුත් මේ වනවිට එම තත්ත්වය මගහරවාගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සඳහන් කළේය.

මෙහිදී අමාත්‍යවරයා විශේෂයෙන් සඳහන් කළ තවත් කරුණක් වූයේ රැඳවියන් පොදු දේපොළ හානි කිරීමය. ඒ අනුව පොදුදේපොළ හානි කිරීම් පිළිබඳ විමර්ශනයක් සිදුකර ඊට දැඩි පියවර ගන්නා බව පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *