Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොටස් වෙළෙඳපොළෙහි පසුබෑමක්

1 minute ago

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු කඩා වැටීමක් අද (05) දිනයේ දී වාර්තා විය.

එහිදී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 168.38ක පහළ යාමක් වාර්තා වීම කැපීපෙනුණි. සියලු කොටස් මිල දර්ශකයට ඉහළ සංවේදීතාවක් ඇති ඩයලොග් ආසියාටා, කොමර්ෂල් බැංකුව සහ LOLC හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල පහළ යාම් අද දිනයේ දී සමස්ත කොටස් වෙළෙඳපොළ පහළයාමට බෙහෙවින් හේතු වී තිබේ. අද දිනයේ දී සමාගම් 163ක කොටස් මිල ගණන් පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව පහළ ගොස් ඇති අතර මිල ඉහළ ගොස් තිබුණේ සමාගම් 27ක පමණි.

S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 36.48කින් පහළ ගොස් තිබුණි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,644.26ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 5,847.02ක් ලෙසත් වාර්තා විය.

පසුගිය දිනවලට සාපේක්ෂව ඉහළ පිරිවැටුමක් අද දින වාර්තා වීම විශේෂත්වයකි. අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 3.16ක් ලෙසින් වාර්තා වී ඇත. එහිදී රු. මිලියන 622ක ගිවිසා ගනු ලැබූ ගනුදෙනු ද සමඟ ඇක්සෙස් ඉංජිනියරින්ග් සමාගමේ කොටස් ගනුදෙනු හරහා රු. බිලියන 1.44ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *