‘Kane and Abel’ සහ ‘Clifton Chronicles’ වැනි ලොව පුරා අතිශය ජනප්‍රිය නවකතා රැසක් රචනා කළ ප්‍රකට බ්‍රිතාන්‍ය ලේඛක මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙෆ්රි ආචර් (Jeffrey Archer) මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 86 වන වියෙහි පසුවිය.
1940 දී ලන්ඩනයේ උපත ලැබූ ආචර් මහතා, 1969 වසරේදී කන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර පසුව එම පක්ෂයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.
දශක පහකට අධික ඔහුගේ ලේඛන ජීවිතය තුළ ග්‍රන්ථ පිටපත් මිලියන 300 කට වඩා අලෙවි වී ඇත. ඔහුගේ අවසන් නවකතාව වන ‘Adam and Eve’ මෙම සතියේදී නිකුත් වීමට නියමිතව තිබිණි.
‘Daily Star’ පුවත්පතට එරෙහි නඩුවකදී අධිකරණය නොමඟ යැවීමේ චෝදනාවට වරදකරු වීම නිසා 2001 දී වසර හතරක සිරදඬුවමක් නියම වූ අතර, 2003 දී නිදහස් වීමෙන් පසු සාමි මණ්ඩලයේ කටයුතුවලට එක්වී 2024 දී ඉන් විශ්‍රාම ලැබීය.
අභාවප්‍රාප්ත වීමට පෙර ඉරිදා දිනයේදී පවා ඔහු ලන්ඩනයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් සිය පාඨකයින් උදෙසා ග්‍රන්ථ අත්සන් කිරීමේ කටයුතුවල නිරතව සිට ඇත.

මහින්ද කහඳගම රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
නාමල් රාජපක්ෂගෙන් ජනපතිට ලිපියක්
මහින්ද කහඳගම ඩුබායි ගිහින් දාපු සෙල්ලම් හෙළිවෙයි! හඬපටයකුත් එළියට!
ඉන්ධන මිල පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
හිටපු ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්
ඥනසාර හිමි සරම ඇදන් අධිකරණයට
3000කට වැඩ වරදී.. දැන්වත් පටි තද කරගන්න
ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් දැනුම්දීමක්
ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි
පෙම්වතිය අවසන් ගමන් යැවූ පෙම්වතාත් සියදිවි නසාගනී
මගේ රූපය යොදාගත් වීඩියෝ සම්පූර්ණයෙන්ම ව්‍යාජයි! අග්‍රාමාත්‍යවරිය ජනතාවගෙන් කළ ඉල්ලීම!