ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2026 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6,851ක් ලෙසින් වාර්තා වී තිබේ.
මෙය 2026 අගෝස්තු මාසය අවසානයේ දී සටහන් වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 6,929 ක් වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 1.1%ක පහළ යාමක් වේ.
මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය සැප්තැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 6,607ක් දක්වා 1.6%කින් පහළ ගොස් තිබේ. 2026 අගෝස්තු මාසයේ දී විදේශ විනිමය සංචිතය සටහන් වූයේ ඩොලර් මිලියන 6,714ක් ලෙසිනි.
තවද මහ බැංකු රන් සංචිතයේ වටිනාකම ද 2026 සැප්තැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 210 සිට ඩොලර් මිලියන 198ක් දක්වා 6.1%කින් පහළ ගොස් ඇත.
මෙම නිල සංචිත වත්කම් තුළ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ කොන්දේසිවලට යටත් වේ.

නව යතුරුපැදි ලියාපදිංචිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල 5කදී නැවත ඇරඹේ
ඉදිරියේදී VAT බද්දේ වෙනසක්
මෙන්න Real Estate ක්ෂේත්රයේ ලැව්ගිනි වගේ පැතිරෙන අලුත්ම News එක! ලංකාවට ඩොලර් ගේන ගේමට Primeට ඕස්ට්‍රේලියාවෙන් සුපිරි Recognition එකක්!
ජනාධිපති අනුර කුමාරගෙන් තීරණාත්මක පියවරක්! බන්ධනාගාරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධ නීති සංශෝධනයට කමිටුවක්!
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චිට ඇප
ඥානසාර හිමියන්ගේ චීවරය වෙනුවෙන් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවක් ඉදිරියට පවත්වාගෙන යාමට මහාධිකරණයෙන් නියෝග
මානසික රෝග ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනතුරු ඇඟවීමක්
කුසල් මෙන්ඩිස්ට පැවරුණු අලුත්ම වගකීම
කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගනී
ධනංජය ද සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වෙයි
සෞදිය විසින් අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහාම අවලංගු කළ යුතුයි – ඇම්නෙස්ටි සංවිධානය