Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්‍රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට

13 hours ago

ආණ්ඩුව දේශපාලන පළිගැනීම් සිදුකරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින්, හිටපු අමාත්‍යවරුන්, රාජපක්ෂ පවුලේ සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් සම්බන්ධ දූෂණ, වංචා හා අපරාධ චෝදනා නඩු 50ක් ඇතුළත් පිටු 10ක ලේඛනයක් අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මෙම විමර්ශන වත්මන් ආණ්ඩුව අලුතින් ආරම්භ කළ ඒවා නොව 2015-2019 කාලසීමාවේ සිට පැවති පැමිණිලි බවත්, පෙර පැවති පාලනාධිකාරීන් යටපත් කර තිබූ මෙම නඩුවලට වත්මන් ආණ්ඩුව යටතේ ස්වාධීනව නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ සලසා ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු, විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ, බැසිල් රාජපක්ෂ, රාජිත සේනාරත්න, රවී කරුණනායක, ප්‍රසන්න රණතුංග, ඒ.එච්.එම්. ෆවුසි, බන්දුල ගුණවර්ධන සහ රෝහිත බෝගොල්ලාගම ඇතුළු හිටපු අමාත්‍යවරුන් රැසකගේ නඩු විස්තර මෙහි ඇතුළත් වේ.

නාමල්, යෝෂිත, ගෝඨාභය, ශිරන්ති, රෝහිත, චමල් සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන අයගේ නඩු මෙන්ම, මහ බැංකු බැඳුම්කරය, ක්‍රිෂ්, මිග් යානා, දිවි නැඟුම, සිල් රෙදි, CSN, පාස්කු ප්‍රහාරය, තාජුදීන්, ලසන්ත සහ එක්නැලිගොඩ යන මහා පරිමාණ දූෂණ හා අපරාධ විමර්ශනද මෙම ලේඛනයට ඇතුළත් කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *