Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි

9 hours ago

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී අද (09) පෙරවරුවේ කොළඹ අක්ෂි රෝහල වෙත රැගෙන ආ හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉන් රැගෙන ගොස් තිබේ.

ඇසක පවතින රෝගී තත්ත්වයක් හේතුවෙන් අද පෙරවරුවේ ඒ මහත්මිය අක්ෂි රෝහල වෙත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන එනු ලැබීය.

ඒ මහත්මිය ඊයේ (08) බන්ධනාගාර විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර එහිදී ලබා දුන් වෛද්‍ය උපදෙස් මත ජාතික අක්ෂි රෝහලේ විශේෂ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නිර්දේශ කර ඇත.

ඒ අනුව අද උදෑසන හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අක්ෂි රෝහල වෙත රැගෙන එනු ලැබුවාය

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *