Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනපති රාජ්‍ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම

8 hours ago

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා දීමනා අසීරු තත්ත්වයන් මධ්‍යයේ වුවද සාධාරණ ලෙස ඉහළ දමා ඇති බැවින්, නැවත විවිධ දීමනා මුල් කරගනිමින් වැඩවර්ජන සිදු කිරීමට සූදානම් නොවන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉල්ලා සිටී.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේදී ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණිය සඳහා සුදුසුකම් ලැබූ නිලධාරීන් 154 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.

වැටුප් වැඩි කිරීම වෙනුවෙන් 2027 වන විට දැරීමට සිදුවන රුපියල් බිලියන 330ක වියදම පියවන්නේ ජනතාවගේ බදු මුදලින් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඉදිරි වසර 2-3 තුළ 18%ක් වූ VAT බද්ද අඩු කිරීමට නම් රාජ්‍ය සේවය තුළ නිසි විනයක් පැවතිය යුතු බව අවධාරණය කළේය.

දීර්ඝ කාලයක් තිස්සේ අවධානය යොමු නොවීමෙන් බිඳවැටී ඇති රාජ්‍ය සේවය ගොඩනැගීමට නම් පුටු සඳහා තරග නොකර, සුදුසු තනතුරුවලට සුදුසු පුද්ගලයන් පත්කරමින් මහජනතාවට හා සේවකයන්ට තෘප්තිමත් විය හැකි සේවාවක් නිර්මාණය කළ යුතු බවද ජනාධිපතිවරයා පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *