2027 අයවැය සැලැස්ම හරහා සමස්ත රාජ්‍ය සේවකයින්ගේම වැටුප් නැවත ඉහළ නැංවීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
ඊයේ (08) පාර්ලිමේන්තුවේ පැවැති වාචික ප්‍රශ්න විමසීමේ සැසියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මධුගොඩ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
2025 අයවැය හරහාද වැටුප් වැඩිවීම් සිදුකර ඇති බව මතක් කළ අග්‍රාමාත්‍යවරිය, අධ්‍යාපන සේවා නිලධාරීන්ගේ වැටුප් සුබෝධිනී කමිටු නිර්දේශවලටත් වඩා ඉහළ මට්ටමකින් වැඩි කර ඇති බවත්, ගුරු-විදුහල්පති සේවයේ පැවැති වැටුප් විෂමතා විසඳීමට සුදුසු පියවර ගෙන ඇති බවත් පැවසුවාය.
ගුරු සංවර්ධනය සහ වැටුප් සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ වැඩිදුර විභාගයට දින නියම වෙයි
මෙට්‍රෝ බස්වලට හානි කරන අයට වැඩ වරදින ලකුණු
ජනපති සමග පැවති සාකච්ඡාව ගැන මල්වතු මහාවිහාර පාර්ශ්වයෙන් නිවේදනයක්
සමාජ මාධ්‍යයේ පළවන විදෙස් විශ්වවිද්‍යාල බඳවා ගැනීමේ වංචාවක් ගැන හෙළිදරව්වක්
හිටපු ජනපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට
සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මිලියන 35ක දේපළ ක්‍රියාවිරහිත කෙරේ
විමල් වීරවංශට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්‍ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි