Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩොනල්ඩ් ට්‍රම්ප් අඩියක් පස්සට ගනී

10 hours ago

රුසියානු ඩීසල් සඳහා පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ පැවැති සාර්ථක සාකච්ඡාවකින් අනතුරුව මොස්කව් පාලනය විසින් විශාල ඩීසල් තොගයක් වෙළඳපොළට මුදාහැරීමට එකඟ වූ බවයි ජනාධිපති ට්‍රම්ප් සඳහන් කරන්නේ.

තමා විසින් Truth Social ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ, ජනාධිපති පුටින් සමඟ “ඉතා සාර්ථක සාකච්ඡාවක්” පැවැත්වූ බවයි.

රුසියානු ඩීසල් පිරිපහදුවල පවතින තත්ත්වයන්ට යටත්ව, අදාළ ඉන්ධන තොග වහාම සැපයීමට රුසියාව එකඟ වී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇති අතර, එමෙන්ම, මෙම ඩීසල් තොග සඳහා අමෙරිකාව ද මිලදී ගන්නෙකු ලෙස කටයුතු කිරීමේ හැකියාව පවතින බව අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ඉඟි කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *