1990 සුවසැරිය ජාතික හදිසි ගිලන්රථ සේවාවේ මෙහෙයුම් ධාරිතාව පුළුල් කරමින්, එහි කාර්යක්ෂමතාව සහ සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා රුපියල් බිලියන 1.72ක මූල්‍ය ප්‍රදානයක් යටතේ නව ගිලන්රථ 100ක් ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබෙනවා.
ඊට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කර හුවමාරු කර ගැනීම අද (11) කොළඹදී පැවැති ප්‍රථම බිම්ස්ටෙක් (BIMSTEC) සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවට සමගාමීව සිදු කෙරුණා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් අදාළ ගිවිසුමට අත්සන් තැබුවා.
ශ්‍රී ලංකා රජයේ විශේෂ ඉල්ලීමකට අනුව ලැබෙන මෙම ප්රදානය හරහා සුවසැරිය ගිලන්රථ ඇණිය ශක්තිමත් කරමින්, හදිසි අවස්ථාවලදී රෝගීන් වෙත ළඟාවීමට ගතවන ප්‍රතිචාර කාලය මිනිත්තු 10කට අඩු මට්ටමකට ගෙන ඒම ප්‍රධාන අරමුණයි.
ඉන්දීය රජයේ මූල්‍ය සහායෙන් 1990 සුවසැරිය සේවාව 2016 ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 7.5ක ප්‍රදානයක් යටතේ ගිලන්රථ 88කින් බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළා.
ඉන් අනතුරුව 2018 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 15.02ක අතිරේක ප්‍රදානයකින් තවත් ගිලන්රථ 209ක් එක් කරමින් එම සේවාව දිවයින පුරා ව්‍යාප්ත කෙරුණා.

පළාත් 5ට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
ලාෆ් ගෑස් සමාගමට එරෙහි නඩුව දෙසැම්බර් 15 දක්වා කල් යයි
2027 අයවැය යෝජනා ජනපති අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
අදත් කොළඹට මහ වැස්සක්! ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි!
රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක් පාඩු ලබයි
කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්
රාජ්‍ය සේවය අලුත් කරයි
ශ්‍රී ලංකාවේ මගී ඩ්‍රෝන යානා සේවාවේ පළමු නිල අත්හදා බැලීම අද
සුගීෂ්වර යළි රිමාන්ඩ්
හිරුණිකාගේ ඇපෑල විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
බලංගොඩ කස්සප හිමිට වරෙන්තු
2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට