Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් වෑන් රථවල දරුවන් යවන්නේ බලාගෙනයි! අවුරුදු 7ක දැරියකට කැත වැඩක් කළ රියදුරු අත්අඩංගුවට!

3 years ago

පිළියන්දල නගරයේ ප්‍රසිද්ධ විද්‍යාලයක් ආසන්නයේදී පාසල් වෑන් රථයක සිටි වයස අවුරුදු හයයි මාස නවයක දැරියකට ලිංගික අතවර කළ බව කියන පාසල් වෑන් රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.

දැරියට නිසි ආරක්ෂාවක් සැපයීමට අපොහොසත් වූ දැරිය ගමන් ගන්නා වෑන් රථයේ රියදුරුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

දැරිය රෝහල් ගත කර ඇත.

පාසල් වෑන් රථයෙන් පිලියන්දල පාසල කරා පැමිණෙන අතර  අද දහවල් පාසල නිමවීමෙන් අනතුරුව  රියදුරා  දැරිය  වෑන් රථය තුළට ගොඩකර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරුව අනික් දැරියන් රැගෙන ඒම සඳහා පාසලේ ගේට්ටුව අසලට යාමේදී වෙනත් පාසල් වෑන් රථ රියදුරකු වෑන් රථය කරා පැමිණ දැරියගේ ශරීරය අතපතගාමින් දැරියට ලිංගික අතවර කර ඇති බව පොලිසිය කියයි.

ලිංගික අතවර කිරීමට පෙර දැරිය ගේ මූණට යමක් ඉසිමෙන් අනතුරුව දැරියට නින්ද ගිය බවට පැමිණිල්ලෙන් පැවසුව ද විමර්ශනවලදී ඒ බව තහවුරු වී නැති බව විමර්ශන සිදු කරන පොලිස් නිලධාරියකු පැවැසීය.

අතවරයට පත් දැරිය ගමන් ගන්නා වෑන් රථයේ පාලිකාවක් නොමැති බවට විමර්ශනවලදී අනාවරණය වීමෙන් අනතුරුව එහි ගමන් ගන්නා දරුවන්ට නිසි ආරක්ෂාවක් සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් දැරිය ගමන් ගන්නා වෑන් රථ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *