Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සතියේ ලග්න පලාපල

සතියේ ලග්න පලාපල – ලග්න 5කට සිත් රිදීම්

1 year ago 1.5 K

මේෂ

සතිය ආරම්භයේ කණගාටුදායක පුවත් අසන්නට ලැබෙන සහ සිත් රිදීම්වලට ඉඩ ඇත. ඉන්පසු දින කිහිපය අයහපත් නොවේ. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ආදායම් ලබන සහ පුණ්‍ය කටයුතු සඳහා දායකත්වයක් ඇති කෙරෙන බවක් පෙන්වයි. ගෙදරදොර වැඩකටයුතු, දරුවන්ගේ කටයුතුවලට සුබපල ගෙන දෙයි. අපල අවම වීමට දිනපතාම බුද්ධ පූජාව තබන්න.
සුබ අංකය – 2
සුබ වර්ණය – රතු
සුබ දවස – අඟහරුවාදා

වෘෂභ

සතිය ආරම්භයේ තරමක ගැටලුකාරී බවක් දක්නට ඇත. ඉන්පසුව කාලය යහපත්ය. කරන කියන ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්වෙයි. මිල මුදල් තත්ත්වය අතින් සෑහීමකට පත්විය හැකිය. ගෘහ ජීවිතය සාමයෙන් ගතවේ. දියුණුව පිණිස යම් – යම් කටයුතු ආරම්භ කරයි. අපල අවම වීමට, අසරණ වූ කුඩා දරුවන්ට උපකාර කරන්න.
සුබ අංකය – 3
සුබ වර්ණය – කොළ
සුබ දවස – සිකුරාදා

කටක

දරුවන්ගේ පැවතුම් නිසා සිත් රිදෙන අවස්ථා මතුවේ. එහෙත්, සියලු කරුණු කාරණාවලට එඩිතරව නොබියව නොපැකිළව මුහුණ දීමේ ශක්තියක් මතු කරයි. සතුරන් පවා මිතුරු විය හැකි සතියකි. වෙළෙඳ ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. අපල අවම වීමට බිලිඳුන් සිටින මවකට උදවු උපකාර කරන්න.
සුබ අංක – 2, 7
සුබ වර්ණය – සුදු
සුබ දවස – සඳුදා

සිංහ

ගෘහ ජීවිතය තුළ කරන කියන වැඩ කටයුතු ගැන උනන්දුවක් ඇති කරයි. දරුවන්ගේ යහපත් ප්‍රාර්ථනා ඉටුවීමට ඇති ඉඩකඩක් පෙන්වයි. උත්සාහයෙන් ප්‍රබෝධයෙන් යුතුව රැකියා, ව්‍යාපාර කටයුතු කරගෙන යයි. ඵලදායී සතියකි. අපල අවම වීමට පිළිකා රෝගීන්ට උපකාරයක් කරන්න.
සුබ අංක – 2, 4
සුබ වර්ණය – රතු
සුබ දවස – ඉරිදා

කන්‍යා

සොයුරු – සොයුරියන් පිළිබඳ ඇති සෙනෙහස වැඩිවේ. ගෙදරදොර වැඩකටයුතු පිළිබඳ මහත්වූ වගකීමක් දරයි. නිවස ප්‍රියමනාප තැනක් බවට පත්කරන්නට වෙහෙස වන නමුත්, විටෙක කලකිරුණු ස්වභාවයක් ද ගෙන දෙයි. සමාජයීය වැඩ බහුල වන අතර ප්‍රසිද්ධිය ගෙන දෙයි. අපල අවම වීමට දෙමවුපියන්ට සංග්‍රහ කරන්න.
සුබ අංක – 2, 3
සුබ වර්ණය – කොළ
සුබ දවස – සිකුරාදා

තුලා

මිල මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් කල්පනාකාරී විය යුතු සතියකි. සොයා නොබැලුවහොත් පාඩු සිදුවිය හැකිියි. ගෙදර දොර කටයුතු අනලස්ව කරගෙන යයි. කොතෙක් වෙහෙස වී කටයුතු කළ ද සෑහීමකට පත් නොවිය හැකිය. පොදු වැඩ, දරුවන්ගේ කටයුතු, සොයුරු – සොයුරියන්ගේ වැඩ වැඩි වේ. අපල අවම වීමට වකුගඩු රෝගී් පිළිසරණ වන්න.
සුබ අංක – 2, 6
සුබ වර්ණය – ක්‍රීම්
සුබ දවස – සෙනසුරාදා

වෘශ්චික

සතිය ආරම්භයේ රතු පාට මල් සහ නිල් මල් පූජා කර බුදුන් වඳින්න. අලස ගති මඟ හරවා වැඩ කරගැනීමට ඔබට හැකිවේවි. අතමිට මිල මුදල් ගැවසෙන, සොයුරු සොයුරියන්ගෙන් සහ මව්පියන්ගෙන් උපකාර හිමිවන සතියක් වේ. පදිංචි ස්ථානයේ දියුණුව පිණිස යම් දෙයක් කිරීමට අදහස් පහළ වේ. අපල අවම වීමට උදෙන්ම බුදුන්ට පැන් වීදුරුවක් තබන්න.
සුබ අංක – 2, 4
සුබ වර්ණය – රතු
සුබ දවස – බ්‍රහස්පතින්දා

ධනු

සතිය ආරම්භයේ විදේශගත හිතවතුන්ගෙන් ලාභ ප්‍රයෝජන හිමිකර දෙයි. සිත් රිදීමක් හෝ නිෂ්ඵල වියදමක්, ගමනක් යෙදෙන්නට පුළුවන්. ඉන්පසු කාලය ඔබට යහපත්ය. සාමාජයීය වශයෙන් ප්‍රසාදජනක ලෙස ජීවිකාව ගෙන යයි. අතමිට මුදලක් ගැවසේ. සහජ දක්ෂතාවලට ඉඩක් ලැබේ. උනන්දුව සහ උත්සාහය වර්ධනය වේ. අපල අවම වීමට බෝධීන් වහන්සේට ඇප උපකාර කරන්න.
සුබ අංක – 2, 3
සුබ වර්ණය – කහ
සුබ දවස් – ඉරිදා, බදාදා

මකර

ලාභදායී සතියකි. රැකියා, ව්‍යාපාරවලින් හිතවත් අයගෙන් ආදායම් තත්ත්වය යහපත් වේ. පැරණි ණය මුදලක් හෝ අතට ලැබේ. ප්‍රවේශමෙන් පරිහරණය සිදු කරන්න. වචනයට ක්‍රියා කලාපයට අන්‍යයන් පැහැදෙයි. මහන්සි වී වැඩ කරයි. අපල අවම වීමට පංචශීලය රකින්න.
සුබ අංක – 2, 8
සුබ වර්ණය – නිල්
සුබ දවස – සිකුරාදා

කුම්භ

රැකියාවට මුල්තැනක් දී කටයුතු කරයි. දුර ගමන් යෙදිය හැකි අතර එම රැකියා කටයුතුවලින් ලාභ ගෙනදෙයි. පදිංචි ස්ථානයේ දියුණුව පිණිස උනන්දු වේ. ලැබිය යුතු මුදලක් ලැබෙන්නට ඉඩ ඇත. මවුපියන්ගේ සහයෝගය ද හිමිවන දින කීපයකි. අවිවේකය බලපවත්වයි. අපල අවම වීමට ඉවසීම පුහුණු කරන්න.
සුබ අංක – 2, 9
සුබ වර්ණය – නිල්
සුබ දවස – සිකුරාදා

මීන

පුණ්‍ය සිතුවිලි සහිතව ආරම්භ වන සතිය ඔබට සුබපල උදාකර දෙයි. දානමාන පිරිත් ආදී පුණ්‍ය කටයුත්තක නිරත වීමට අවස්ථාව මතු කරදෙන මේ සතියේ ඔබගේ ගෙදර දොර වැඩකටයුතු ඉතා හොඳින් කරගෙන යාමට හැකි වෙයි. දරුවන්ගේ අධ්‍යාපනය සුබවාදීව කරගෙන යයි. ඔවුන් පිළිබඳ සතුටු විය හැකි අවස්ථා මතු කරදෙයි. අපල අවම වීමට වැඩිහිටි අසරණ අයෙකුට පිහිට වන්න.
සුබ අංක – 2, 3
සුබ වර්ණය – කහ
සුබ දවස – බ්‍රහස්පතින්දා

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *