‘ඇස් දෙකට පේන සුළු සුළු දේ කරන්න විමධ්‍යගත අරමුදල් දෙනකන් ඉන්න එපා’ යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අද රට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බොහොම නරක තත්ත්වයකට පත්වෙලා. දැන් පත්කර තිබෙන විශේෂ ඒකකය මගින් ඔබතුමාලා වුණත් ඕනම වෙලාවක අත්අඩංගුවට ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ තාවකාලික සුභ සිද්ධියක් නෙවෙයි. රජයේ සේවකයින් ලෙස ජනතාවගේ අනාගත සුභ සිද්ධිය උදෙසා තමන්ගේ රාජකාරිය හරියට ඉටු කරන්න. මේ සම්බන්ධයෙන් රජය අරගෙන තිබෙන තීරණ සියල්ල ක්‍රියාත්මක කිරීම රජය දැනටමත් ආරම්භ කර තිබෙනවා.
පොලිස්පතිවරයා සහ ඒ පිළිබඳ අමාත්‍යවරයා විශේෂ ඒකකයක් මගින් දිනපතා ඒ පිළිබඳ මෙහෙයුම ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය බලනවා. අපට නරක නාම එපා. මට සහයෝගය දුන්නා, ආණ්ඩුව හදන්න සහයෝගය දුන්නා, ජනාධිපතිතුමාට සහයෝගය දුන්නා කියලා මත්ද්‍රව්‍ය හා ඊට සම්බන්ධ වූ හෝ වෙන නීති විරෝධී දේකට සම්බන්ධ දේවලට මැදිහත් වෙන්න බැහැ. එවැනි ද්ට පළමුවෙන් මැදිහත් විය යුත්තේ පොලිසියයි.
නගර සභාව, පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම් මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. රැකියා නාමයෙන් වෙනත් නීති විරෝධී කටයුතු සිදුකරන තැන් කරුණාකරලා නීතිය ඉදිරියට ගේන්න. පොලිසිය සිදු කරන මෙහෙයුම් සඳහා ග්‍රාම නිලධාරීන් සහ මහ නගර සභාව සක්‍රීයව සහ අවදියෙන් සිටිය යුතුයි.
පැමිණිලි කරනතුරු අපි බලා සිටිය යුතු නැහැ. තොරතුරු ලද වහාම ක්ෂණිකව ක්‍රියාත්මක විය යුතුයි. ඒ සඳහා ග්‍රාමසේවක නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය පොලිසියට ලබා දීමට කටයුතු කරන්න. පසුගිය කාලේ මහා සංඝරත්නය නිරන්තරයෙන් ඒ පිළිබඳ අදහස් ප්‍රකාශ කළා. අද ඒවා ක්‍රියාත්මක කිරීමේ එක මතයකට පැමිණ සිටීම සතුටට කරුණක්.
නගර සභාව, පළාත් සභාව, විවිධ දෙපාර්තමේන්තු සියල්ල ආවරණය වන පරිදි සංවර්ධන ඉලක්කයන් ක්‍රියාත්මක විය යුතුයි. නගර සභාව ක්‍රියාත්මක නොකරන ව්‍යාපෘති පිළිබඳ වගකීම නගර සභාව ගත යුතුයි. නගර සභාව ඉදිරිපිට තියෙන කණුව කැඩිලා නං ඒක හදන්න විමධ්‍යගත අරමුදල් අවශ්‍ය නැහැ. ඇස් දෙකට පේන දේ කරන්න විමධ්‍යගත අරමුදල් දෙනකන් ඉන්න එපා.
මහරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය නිකපොත චන්ද්‍රජෝති හිමියන් වෙත මුව ආවරණ ප්‍රදානය කිරීමද මෙහිදී අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කරනු ලැබීය.
හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සලෝචන ගමගේ, කාන්ති කොඩිකාර සහ රජයේ නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.
– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය –



රටම කතා වූ අම්බලන්ගොඩ පොලිසියේ සිදුවීම ගැන පොලිස්පති නියමයෙන්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි
කෙහෙල්බද්දර පද්මේගේ දුරකථනවලින් හමුවූ සම්බන්ධතා අතර නිළියන් 7ක්, නිරූපිකාවන් 9ක් සහ දේශපාලනඥයින් 7ක්! CIDය අධිකරණයට දැනුම්දෙයි!
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්